උසස් පෙළ දරුවන්ගේ ඉල්ලීම අනුව අප කළ මැදිහත්වීම ඵල දරයි…

2022 අපොස (උසස් පෙළ) විභාගයට පළමු වරට, දෙවන හා තෙවන වරට ද පෙනී සිටින සිසුන්ගෙන්, එම විභාගය 2022 දෙසැම්බර් මස 05 වැනිදා සිට පැවැත්වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් තමන් පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳව අප වෙත දිනපතා දැනුම්වත් කිරීම් රාශියක් සිදු වීමෙන් පසු ඒ කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු කරමින් අවස්ථා කිහිපයකදීම අධ්යාපන අමාත්යවරයා දැනුම්වත් කිරීමට සහ ශිෂ්යයන් වෙනුවෙන් සාධාරණ කාලයක් ඉල්ලා සිටීමට අප කටයුතු කළෙමු. පසුගිය දින කිහිපය පුරාම පාර්ලිමේන්තුව තුළදීත් ඒ පිළිබද අධ්යාපන අමාත්යවරයාත්, ආණ්ඩුවත් මෙන්ම සමාජයත් දැනුවත් කළෙමු.
දරුවන්ගේ ඉල්ලීම අනුව අපගේ මැදිහත්වීම ඵලදරමින් ඒ පිළිබද අවධානය යොමුකළ අධ්යාපන අමාත්යවරයා දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ උසස්පෙළ විභාගය කල් දැමීමට තීරණය කළ බව අද සවස මා හට දැනුම් දුන්නේය. ඒ පිළිබදව නිල නිවේදනය විභාග කොමසාරිස්වරයා විසින් ඉදිරි දිනයකදී නිකුත් කිරීමට නියමිතය.
දරුවන්ගේ ඉල්ලීම අප හරහා ඉදිරිපත් වීමෙන් පසු ඒ පිළිබද ක්රියාත්මක වූ අධ්යාපන අමාත්යවරයාට සහ ජනාධිපතිවරයාට දරුවන් වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කර සිටින්නෙමු. අර්බුද රැසක් මධ්යයේ වුව ද සිය උසස්පෙළ අභියෝගයට මුහුණදෙන රටේ දරුවන් වෙනුවෙන් මැදිහත්වීමට හැකිවීම පිළිබදව අප සතුටු වන අතර උසස්පෙළ විභාගයට සාර්ථකව මුහුණදීමට සියලු දරුවන්ට සුබ පැතුම් එක්කර සිටින්නෙමු.
– විමල් වීරවංශ
(නායක, ජාතික නිදහස් පෙරමුණ-2022.10.07)
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *