කටුනායක-කටාන ට සංචාරක ආකර්ෂණය සහිත හරිත කර්මාන්තපුරයක්… by admin 27/01/2021 | 5:46 0 Posted in කාලීන පුවත් කටුනායක – කටාන ප්රදේශයේ අක්කර 100කට වැඩි භූමියක සංචාරක ආකර්ෂණය සහිත හරිත කර්මාන්තපුරයක් ඉදිකිරීමට යෝජිත ස්ථානය අද (22) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා ඇතුළු නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණි. කටුනායක ගුවන් තොටුපළට ආසන්නව මෙම යෝජිත කර්මාන්තපුරය පිහිටි ස්ථානය ඇති අතර විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය ලබාගත හැකිවන හරිත කර්මාන්තපුරයක් එම ස්ථානයේ ඉදිකිරීමට යෝජිතය. කර්මාන්තපුරයට සමගාමීව සංචාරකයන් සදහා වෙළද සංකීර්ණයක් ද ඉදිකිරීමට නියමිතය. එමගින් කර්මාන්තපුරයේ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන සෘජුවම අළෙවි කිරීමට අවස්තාවක් සැළසේ. කඩිනමින් මෙම කර්මාන්තපුරයේ මූලික වැඩ කටයුතු ආරම්භකොට සංචාරක ආකර්ෂණය සහිත දේශීය නිෂ්පාදකයන්ට ඔවුන්ගේ නිෂ්පාදනයන් සහ විකිණීම යන දෙකම කරගත හැකිවන කර්මාන්තපුරයක් නිර්මාණය කරන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාතංශයේ අධ්යක්ෂක වින්දික පියරත්න, අමාත්යංශයේ ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ ලේකම් ලලන්ත ගුණසේකර, අතිරේක දිස්ත්රික් ලේකම්, ප්රදේශීය ලේකම් තුමිය ඇතුළු රාජ්ය නිලධාරින්, කර්මාන්ත අමාත්යංශයේ නිලධාරීන් සහ ප්රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. Related Posts “ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට” ප්රසිද්ධ දේශනය “ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට” ප්රසිද්ධ දේශනය ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්ය “මාගේ විවේචනය එසේමයි! ඔබගේ කණගාටුව පාස්කු ප්රහාරයෙන් පීඩාවට පත්වූ කතෝලික පවුල් වෙත පළකරන්නේ නම් සතුටු වෙමි.” එම්. එස්. එම්. තාසිම් මහතා වැඩ බලන මහලේකම්, සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සභාව, කොළඹ. About Author admin ඔබගේ අදහස් Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.