‘ගන්න අපේ දේ’ පාවහන් සල්පිල දියත උයනේ දී විවෘත වේ

කර්මාන්ත අමාත්යාංශයේ අනුග්රහයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘ගන්න අපේ දේ’ පාවහන් සල්පිල අද (25) උදැසන කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා විසින් විවෘත කරනු ලැබීය.
මෙම පාවහන් සල්පිල ප්රදර්ශන කුටි 47කින් සමන්විත අතර බත්තරමුල්ල දියත උයනේ දී අද (25), හෙට (26) අනිද්දා (27) තෙදින පෙරවරු 9:00 සිට රාත්රි 11:00 දක්වා පැවැත්වේ.
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන බුද්ධික විමලසිරි, ආලෝක වාහලවත්ත, ශ්රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී. ජී විමලසිරි, ලේකම් ශ්රියානි ද සේරම් ඇතුළු මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
මාධ්ය ඒකකයකර්මාන්ත අමාත්යාංශය2020-08-25

















