දේශීයව පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීම පිළිබදව සාකච්ජා කිරීමට කර්මාන්ත, කෘෂිකර්ම සහ පොහොර නිෂ්පාදන ඇමතිවරු එක්වෙයි.

අප රටට උවමනාකරන කෘෂිකාර්මික පොහොර අවශ්යතාවය දේශියව නිපදවීමට අවශ්යය කරන වැඩපිළිවෙල පිළිබදව සාකච්ජා කිරීම සදහා කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ, කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අළුත්ගමගේ, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක භාවිත නියාමන රාජ්ය අමාත්ය මොහාන් ද සිල්වා මැතිතුමන්ලාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් අද (09) කර්මාන්ත අමාත්යංශයේදී පැවැත්විණි.
දැනට දේශීය පොහොර අවශ්යතාවය සපුරා ගැනීම සදහා ආනයනය කරණු ලබන පොහොරවල ශරීරයට අහිතකර ආසනික සහ කැඩ්මියම් අඩංගු අතර ලංකා පොස්පේට් සමාගම සමග එක්ව දේශියව පොහොර නිෂ්පාදනය ඉදිරියේදී කාල රාමුවකට අනුව සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්යවරයා මෙහිදී ප්රකාශ කළේය. ඒ සදහා අවශ්ය මැදිහත්වීම ලංකා පොස්පේට් සමාගම විසින් සිදුකරන ලෙසත් අමාත්යංශ තුනේම එකතුවෙන් මෙම කටයුතු කඩිනමින් සිදුකරන ලෙසත් කර්මාන්ත අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ජාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්ය අමාත්යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ, ලංකා පොස්පේට් සමාගමේ සභාපති අනිල් රණසිංහ, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගී විය.





