”නීති විරෝධී වඳ සැත්කම් චෝදනාවට ලක් වී සිටින වෛද්‍ය සාෆිට නිසි දඬුවම් ලබාදීම මගින් අනාගතයේදී සාෆිලා බිහි වීම වැළැක්වීම” පිළිබදව විමල්ගෙන් ජනපතිට ලිපියක්…

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
අතිගරු ජනාධිපතිතුමනි,
නීති විරෝධී වඳ සැත්කම් චෝදනාවට ලක් වී සිටින වෛද්‍ය සාෆිට නිසි දඬුවම් ලබාදීම මගින් අනාගතයේදී සාෆිලා බිහි වීම වැළැක්වීම
මානව සංහතියට එරෙහි අපරාධයක් මෙන්ම ජනසමූල ඝාතන අපරාධයක් ලෙස සැලකෙන සමූහ වශයෙන් නිති විරෝධීව වන්ධ්‍යකරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතළම ඛේදවාචකය වාර්තා වී මාසයක කාලයක් ගත වී ඇත. එහෙත් මේ වන තුරු වින්දිතයින්ට යුක්තිය සහ සාධාරණය ඉටු වන බවක් දක්නට නැත. මීට පෙර මෙවැනි සිදුවීම් පිළිබඳව කළුතර, පේරාදෙණිය සහ දඹුල්ල රෝහල්වලින් වාර්තා වී තිබුණ ද කුරුණෑගල සාෆි වෛද්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඉතා බරපතළ වේ. එසේම එම ක්‍රියාවලිය හුදු එක් පුද්ගලයකුගේ මානසික ව්‍යාධියක් නිසා ඇති වූ තත්වයකට වඩා බරපතළ සංවිධානාත්මක අපරාධයක් බව පැහැදිලි වී ඇත.
මේ වන විට චෝදනාවට ලක් වී ඇති වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසුව තමාට නැවත දරුවකු නොලැබුණු බවට මව්වරුන් 950ක් පමණ සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කොට ඇත. ඒ අතර එම වෛද්‍යවරයා විසින් සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය තාක්ෂණික ක්‍රමවේදයෙන් බැහැර වී මව්වරුන්ගේ ගර්භාෂයේ පැලෝපීය නාලයට සිතාමතා හානි සිදු කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. රෝහල් බලධාරීන්ගේ ප්‍රකාශ සහ යම් මව්වරුන්ගේ ප්‍රකාශ අනුව එම වෛද්‍යවරයා විසින් බලහත්කාරයෙන් මව්වරුන් සිසේරියන් සැත්කම්වලට භාජනය කළ බවට ද චෝදනා එල්ල වී ඇත. එම වෛද්‍යවරයාගේම ප්‍රකාශ අනුව ඔහු සිසේරියන් සැත්කම් කිරීමට විශේෂ හෝ අසාමාන්‍ය උනන්දුවක් ඇති අයකු බව පෙනේ. වෛද්‍යවරයාගේ මතය අනුව එම වෛද්‍යවරයා ප්‍රකාශ කොට ඇති ආකාරයට ඔහු විසින් විනාඩි 15 කදී අදාළ සැත්කම් සිදු කරන්නේනම් ඒ මගින් ද මව්වරුන්ට සංකූලතා ඇති වීමේ අවස්ථා වැඩි වේ. එය වෘත්තීයමය නොසැලකිලිමත්භාවයක් ලෙස සැලකෙන වරදකි.
අදාළ වෛද්‍යවරයාගේ නීති විරෝධී සහ ආචාර ධර්ම විරෝධී ක්‍රියා පිළිවෙත් ඇසින් දුටු බවට එක් විශේෂඥ වෛද්‍යවරියක, සාමාන්‍ය වෛද්‍යවරුන් 11 දෙනකු සහ හෙද නිලධාරීන් 18 දෙනෙකු විසින් සාක්ෂි ලබා දී ඇති බව වාර්තා වේ. එය ඉතා බරපතළ තත්වයක් බව ඔබතුමා පිළිගන්නවා ඇත. එහෙත් එපමණ බරපතළ සාක්‍ෂි සහ මහජන අවධානයක් තිබියදී පොලීසිය එම වරදට අදාළව වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට අසමත් වී ඇත. ඊට හේතු වී ඇත්තේ දේශපාලන බලපෑම් බවට මහජනයා තුළ ප්‍රබල විශ්වාසයක් ගොඩනැගී තිබෙන බව ද වාර්තා වේ.
එසේම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් රෝහල් අධ්‍යක්ෂවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙනත් ස්ථානවලට මාරු කොට පරීක්ෂණ ක්‍රියාවලිය අඩාල කිරීමට උත්සාහ කිරීම නිසා රෝහල් සේවකයින් අතර ද අසහනකාරී තත්වයක් වර්ධනය වී ඇත. එම තත්ත්වය තුළ අමාත්‍යවරයා විසින් පත් කළ පරීක්ෂණ කමිටුව පක්ෂපාතී බවට චෝදනා කරමින් එය හමුවේ සාක්ෂි දීම රෝහල් කාර්ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කොට ඇත. විශේෂයෙන්ම අදාළ වෛද්‍යවරයා දැනටමත් ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදයට සහාය දුන් බවට චෝදනාවට ලක් වී සිටින රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ අයකු බැවින් මහජන විශ්වාසය පිළිබඳ ප්‍රශ්නය වඩාත් බරපතළ වේ.
එම නිසා කුමන පරිපාලන දුර්වලතා තිබුණා වුව ද ලෝකයේ දියුණුතම සෞඛ්‍ය පද්ධතියක් ලෙස සැලකෙන අප රටේ සෞඛ්‍ය සේවය පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටීමට ඉඩ දීම මගින් තවත් මහා අපරාධයක් සිදු වන බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබතුමා පිළිගන්නවා ඇත. එමගින් සෞඛ්‍ය පද්ධතියට සිදුවන දීර්ඝකාලීන හානිය සුළුපටු නොවේ. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කිරීමට හෙවත් සෞඛ්‍ය සේවා වෙළඳපළක් බිහිකිරීමට සියුම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් දියත් වී තිබෙන තත්ත්වයක් යටතේ එය වඩාත් බරපතළ වේ.
ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් චූදිත වෛද්‍යවරයා ගලවා ගැනීමට උත්සාහයක නියැලී සිටින බවට ද සෞඛ්‍ය සේවකයෝ චෝදනා කරති. වෛද්‍ය සභාව මෙන්ම වෛද්‍ය සංගම් ද අදාළ සිදුවීම් මාලාවේ බරපතළකමට සාපේක්ෂව නිහඬව සිටීම නිසා ද මහජන කුකුස වැඩි වී ඇත. ඊට එක් හේතුවක් විය හැක්කේ විශේෂඥ වෛද්‍යවරයකු නොවන අදාළ වෛද්‍යවරයා විසින් කරනු ලබන ශල්‍යකර්ම විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණ ක්‍රියාවලියට යටත්විය යුතු වීම බව පෙනේ. එම පදනම යටතේ අදාළ විශේෂඥ වෛද්‍යවරුන් පමණක් නොව, ක්‍ෂණිකව බලධාරීන්ට වාර්තා කළ යුතු සිදුවීම් පිළිබඳ නිහඬව සිටීම මගින් ඒවා ඇසින් දුටු වෙනත් වෛද්‍යවරුන් ද ආචාර ධර්මානුකූලව වරදක් සිදු කළ බවට අඩු තරමින් ඔවුන්ගේ හෘදසාක්ෂිය හමුවේ වැරදිකරුවන් බවට පත්වන බව ඔබතුමා පිළිගන්නවා ඇත.
එවැනි තත්වයක් තුළ අනාගතයේදී සිසේරියන් සැත්කම් සහ වන්ධ්‍යකරණය පිළිබඳව නිශ්චිත ක්‍රියාපටිපාටීන් අනුගමනය කළ යුතු බවට යම් කොමිසමක් විසින් නිර්දේශ කළහොත් එම තත්ත්වයට යම් වෛද්‍යවරුන් අකමැති විය හැක. එහෙත් පොදු මහජන යහපත සහ සෞඛ්‍ය සේවයේ යහපත් පැවැත්ම මෙන්ම බහුතරයක් වෛද්‍යවරුන්ගේ ගෞරවය සඳහා සුළු විරෝධතා නොසලකා හැරිය යුතු බව මූලික සත්‍යයකි. යම් වෛද්‍යවරුන් විසින් වාණිජ හේතු මත සිසේරියන් සැත්කම් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාවක් අප රටේ තිබෙන බව රහසක් නොවේ. එවැනි තත්ත්වයක් මගින් වෛද්‍ය සාෆි පන්නයේ වෛද්‍යවරුන්ට ඉනිමං බැඳීමක් ද සිදු වේ.
අතිගරු ජනාධිපතිතුමනි, ‘දරු උපත් වෛද්‍යකරණය නොකරනු’ යනුවෙන් ප්‍රබල සමාජ ව්‍යාපාරයක් පවතින ඇමරිකාවේ පවා සමස්ත දරු උපත් තුළින් සිසේරියන් සැත්කම් ප්‍රතිශතය 30% කි. බි්‍රතාන්‍යයේ එම ප්‍රතිශතය 29%කි. නමුත් ඉතා දියුණු සෞඛ්‍ය පද්ධතියක් පවතින අප රටේ එම ප්‍රතිශතය 39%ක් තරම් ඉහළ අගයක් ගැනීම යම් අසාමාන්‍ය තත්ත්වයක් බව ඔබතුමා පිළිගන්නවා ඇත. එම තත්වය තුළ වෛද්‍ය සාෆි විසින් වින්දිතයන් බවට පත් කළ මව්වරුන් සේම තවත් මව්වරුන් පිරිසක් වෙනත් හේතු මත වින්දිතයින් බවට පත් වේ.
මෙම තත්වයන් සියල්ල සැලකිල්ලට ගෙන සිදු වී ඇති අපරාධය වැනි අපරාධ නැවත සිදු නොවීම සඳහා මෙන්ම අනාගතයේදී අප රටේ මව්වරුන්ට ගෞරවනීය සහ විශ්වාසනීය මාතෘ සෞඛ්‍ය සේවයක් ලබාදීම සඳහා යම් ප්‍රමිතීන් පැනවීම අත්‍යවශ්‍ය බව ඔබතුමා පිළිගන්නවා ඇත. එවැන්නක් කළ හැක්කේ ඔබතුමා විසින් වහාම ඉහළ මට්ටමේ කොමිසමක් පත් කොට අදාළ අපරාධය පිළිබඳව සහ අනාගතයේදී එවැනි අපරාධ සිදු නොවීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම මගින් පමණි. එම නිසා වෛද්‍ය සංගම් ඇතුළු මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන වහාම අදාළ කරුණ සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඒ අතර වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා වෛද්‍ය සාෆිට හැකි ඉක්මනින් චෝදනා ගොනුකොට නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ද ඉල්ලා සිටිමු.
මෙයට,
විශ්වාසී,
විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2019.06.13 පිටපත්:- සියලු ජනමාධ්‍
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *