පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරය (Templeburg Industrial Estate) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ගේ නිරීක්ෂණයට… කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින පනාගොඩ ප්‍රදේශයේ පිහිටි ටෙම්පල්බර්ග් කර්මාන්තපුරය(Templeburg Industrial Estate) අද (09) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙහිදී කර්මාන්තපුරය ආශ්රිත කර්මාන්ත ශාලා කිහිපයකම නිෂ්පාදන ක්රියාවලිය සහ ගැටළු පිළිබද සමීපව නිරීක්ෂණ කිරීමට අමාත්යවරයා පියවර ගන්නා ලදි. පසුව පැවති සාකච්ජාවේදී කර්මාන්තපුරය ආශ්රිත ඉදිරි සැලසුම් සහ ව්යාපෘති පිළිබදවත් ගැටළුවලට විසදුම් ලබා ගනිමින් ඉදිරි කාලයේ ගත යුතු පියවර පිළිබදවත් දීර්ඝව සාකච්ජා විය.

මෙම නිරීක්ෂණ චාරිකාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, කර්මාන්ත අමාත්යංශයේ කර්මාන්ත අධ්යක්ෂ වින්දික පියරත්න යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *