පරිසරයට සිදුවන බලපෑම අවම වන ලෙස ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට පියවර…

එක්වරක් පමණක් භාවිතා කොට ඉවත දමන ඇසුරුම් සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටළු පිළිබද ඇසුරුම්කරණ කර්මාන්තකරුවන්, පරිසර අමාත්යාංශය, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා ප්රජා පවිත්රතා කටයුතු රාජ්ය අමාත්යාංශය සහ කර්මාන්ත අමාත්යවරයා අතර සාකච්ජාවක් අද (19) කර්මාන්ත අමාත්යංශයේදී පැවැත්විණි.

පොල් කිරි, දියර කිරි වැනි නිෂ්පාදන ඇසුරුම්කරණයට අවශ්ය විශේෂ ඇසුරුම් වර්ග (Tetra Pack) වල අවශ්යතාවය මෙහිදී කර්මාන්තකරුවන් විසින් අමාත්යවරයා දැනුවත් කරන ලදි. දැනට ලංකාවේ Tetra Pack ප්රතිචක්රීකරණය පහසුකම් පුළුල් කිරීමේ අවශ්යතාවයද මෙහිදී සාකච්ජාවට බදුන් විය. Tetra Pack ප්රතිචක්රීකරණය කොට පොත් සහ වෙනත් ලිපි ද්රව්ය නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් දැනටමත් සිදුකරමින් පවතින බවත් එය පුළුල් කිරීම සිදුකල යුතු බවත් නිෂ්පාදකයෝ කියා සිටියේය. එහි වගකීම අදාළ නිෂ්පාදන ආයතන ලබා ගන්නේනම් මෙම කටයුත්ත වඩා පහසු වනු ඇති බව පරිසර අමාත්යශයේ අදහස ලෙස ප්රකාශ කෙරුණු අතර නිෂ්පාදකයින් එම වගකීම ඉටුකිරීමට කැමැත්ත පළ කළේය.

පරිසර අමාත්යාංශය සහ කර්මාන්ත අමාත්යාංශය එක්ව පරිසර කළමනාකරණයට නායකත්වය ලබාදිය යුතු බවත් ඒ සදහා කාල රාමුවක් අමාත්යාංශය සහ නිෂ්පාදන ආයතනයන් එක්ව සකස් කළයුතු බවද අමාත්යවරයා මෙහිදී කියා සිටියේය. ඒ සදහා සියලු ආයතන එක් කර ගනිමින් ඉදිරියේදී අවශ්ය වැඩපිළිවෙල සැකසීම සිදුකරන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *