“පවතින පිරිහීමට ප්‍රධාන හේතුවක් වන්නේ ‘මුදල’ දර්ශනය කරගත් මිනිසුන්ගෙන් දේශපාලන ක්ෂේත්‍රය පිරී පැවතීමයි” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

රට පිරිහීමට ප්‍රධාන හේතුවක් වන්නේ ‘මුදල’ දර්ශනය කරගත් මිනිසුන්ගෙන් දේශපාලන ක්ෂේත්‍රය පිරී පැවතීම බවත්, අද විවෘත වන පෙරදිග දේශපාලන විද්‍යායතනය එම ප්‍රවණතාව පරදවන කේන්ද්‍රස්ථානය බවට පත් වනු ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ ඊයේ (16) දින, බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාල පරිශ්‍රයේ දී, “පෙරදිග දේශපාලන විද්‍යායතනය” විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





