බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා සේවකයින් ස්ථිර කිරීමට වහාම පියවර ගත යුතුයි! -ජාතික නිදහස් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා සේවක සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස ආණ්ඩුවට බල කරයි

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා සේවකයින් ස්ථිර කිරීමට වහාම පියවර ගත යුතු බවත්, එතෙක් ඔවුන් වෙත අතුරු දීමනාවක් ලබාදිය යුතු බවත්, ජාතික නිදහස් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා සේවක සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ආණ්ඩුවට බල කරමින්, ඉල්ලා සිටියි.

ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ සේවා ස්ථිර කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙවර අයවැයෙන් වෙන් කළ යුතු බවයි.

ඒ අද (04) දින පැවති ජාතික නිදහස් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා සේවක සංගමයේ මංගල මාධ්‍ය හමුවේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *