`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) බුදු වදන් නුවණින් විමසා බලා බුදුදහමෙහි චිරස්ථිතිය වෙනුවෙන් පෙළගැසෙමු ! | JNP Sri Lanka | National Freedom Front

බුදු වදන් නුවණින් විමසා බලා බුදුදහමෙහි චිරස්ථිතිය වෙනුවෙන් පෙළගැසෙමු !

බුදු වදන් නුවණින් විමසා බලා බුදුදහමෙහි චිරස්ථිතිය වෙනුවෙන් පෙළගැසෙමු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා ඉල්ලා සිටිනවා.

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ පොසොන් පුර පසළොස්වක පොහොය දින පණිවුඩය පහතින් දැක්වේ.

උපුටා ගැනීම,

මිහිඳු මහ රහතන්වහන්සේ වැඩම කොට බුදුදහම මෙරට තුළ ස්ථාපිත කිරීම සැමරෙන තවත් පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් අදට (03) යෙදී තිබේ.

ක්‍රි.පූ. තුන්වන සියවසේ සිදු වූ එකී මහින්දාගමනයත් සමඟ බුදුදහම මත පදනම් වූ ශිෂ්ටාචාරයක් ද නිර්මාණය විය. එම ශිෂ්ටාචාරගත උරුමය තුළ බුදුදහම විසින් අපට හිමි කර දෙන ලද ලෝකාවලෝකන දෘෂ්ටියක් ද පුරුෂාර්ථ ඇගයීම් සමුදායක් ද පරමාර්ථ පද්ධතියක් මෙන්ම ඒවා වසර 2300ක් පමණ කාලයක් ක්‍රියාවට නැඟීම හේතුවෙන් පහළ වූ සමාජ – දේශපාලන – ආර්ථික දර්ශනයක් ද බිහි වී ඇත. එසේ අපට උරුම වූ සමාජ – දේශපාලන – ආර්ථික දර්ශනය තුළ බුදුදහම අනුදක්නා සමානාත්මතාව, සාමූහිකත්වය, පරාර්ථය ආදී වූ මානවවාදී ගුණාංග ද ඇතුළත්ව තිබේ.

එහෙත් ඒ බුදුදහම මත පදනම් වූ ශිෂ්ටාචාරගත උරුමය පසෙකලා මේ රටට බටහිරකරණය හා බැඳුණු සංවර්ධන මොඩලයක් කාවැද්දවීමට ගත් උත්සාහයන් මෑත ඉතිහාසය පුරා දැක ගත හැක. බටහිර බලවතුන් ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය හමුවේ අසරණ වූ අන්දමෙන් කියාපෑවේ ද අප අද මුහුණ දෙන බරපතළ ආර්ථික අර්බුදය කියාපාන්නේ ද එම සංවර්ධන මොඩලයෙහි අසමත්කම ය.

ඒ නිසා ජාතියක් ලෙස අපට මේ මොහොතේ බල කෙරී ඇත්තේ බුදහම මත පදනම් වූ අපගේ ශිෂ්ටාචාරගත උරුමය මත පා තබා යළි නැඟී සිටින ලෙස ය. එසේ නැඟී සිටියහොත් මේ අඳුරු පැයේ ශ්‍රී ලංකා රාජ්‍යය ගොදුරු කර ගැනීමේ තම සිහිනය සැබෑ නොවන බව ලෝක බලවත්තු හොඳින් දනිති. මේ මොහොතේ ඔවුන් තම දේශීය නියෝජිතයන් යොදවා බුදුදහමට සැලසුම් සහගතව පහර දෙන්නේ ඒ නිසා ය. “බුදු වදන් නුවණින් විමසා බලා බුදුදහමෙහි චිරස්ථිතිය වෙනුවෙන් පෙළගැසීම” මේ පොසොන් පුර පසළොස්වක පොහෝ දින මෙරට බෞද්ධ ජනතාවගේ තිරසර අදිටන විය යුතු බව අප පවසන්නේ එහෙයිනි.

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2023.06.03

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *