මාස ගණනක සිට පඩි නොමැතිව, අසරණව සිටින NEMO සේවකයින් වෙනුවෙන් විමල් හඬ අවදි කරයි…

මාස ගණනක සිට පඩි නොමැතිව, අසරණව සිටින ආයතනයේ සේවකයින් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් විමසා සිටියා.
ඒ අද (09) දින පාර්ලිමේන්තුවේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනුයි.
තමන් නිවාස ඇමැතිව සිටි කාලයේදී මෙම ආයතනය රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට අනුයුක්ත කර එහි සේවකයින්ගේ ගැටළු රැසක් විසදපු නමුත්, 2015 පැමිණි යහපාලන ආණ්ඩුව විසින් නැවතත් එම ආයතනය රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවෙන් ඉවත් කළ බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.





