රුපියල අවප්‍රමාණය වීමෙන් මහ බැංකු අධිපතිගේ පොකට් එකට වාසියක් – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ

වත්මන් මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබන අතරේ, මහ බැංකු අධිපතිවරයා ලෙසින්ද රුපියල් ලක්ෂ 25 කට අධික වැටුපක් ලබන බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.
ඒ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ අනුරාධපුර සම්ප්‍රාප්තියේදීය.
ඩොලර් වලින් ලැබෙන මහ බැංකු අධිපතිවරයාගේ වැටුප, රුපියල් වලට මාරු කිරීමේදී වැඩි මුදලක් ලැබීම සදහා, රුපියල අව ප්‍රමාණය වීම එතුමාට වාසියක් වන බවද විමල් වීරවංශ මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේය.





