‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක් අපි නිර්මාණය කර දෙනවා.’ ‘ලකුණු රැස් කිරීම’ දේශීය කර්මාන්තකරුවා සතුයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

යම් යම් නීතිමය බාධාවන්, බදු ක්රමයන්හි පැවැති ගැටලු ආදිය ඉවත් කරමින් දේශීය කර්මාන්තකරුවාට ‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක්’ නිර්මාණය කර දීමේ තම වගකීම ඉටු කරමින් සිටින බවත් හොඳින් ලකුණු රැස් කරමින්, මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ නව නැම්මක් ඇති කිරීමට දායක වීම දේශීය කර්මාන්තකරුවාගේ කාර්යය බවත් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (25) බත්තරමුල්ලේ දියත උයන පරිශ්රයේ ‘ගන්න අපේ දේ’ පාවහන් සල්පිල විවෘත කිරීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“දේශීය වශයෙන් පාවහන් නිෂ්පාදනයේ යෙදෙන සුළු, මධ්ය හා මහා පරිමාණ කර්මාන්තකරුවා දිරි ගන්වන්නත් ඔවුන්ගේ නිෂ්පාදන අපේ පාරිභෝගිකයාට සමීප කරවන්න අතරමැදියා ලෙස මැදිහත් වන්නත් මෙවැනි පාවහන් සල්පිලක් පැවැත්වීමෙන් කර්මාන්ත අමාත්යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව සඵල කර ගැනීමට ප්රදර්ශන කුටි 47කින් යුත් මෙම සල්පිලෙන් හැකි වන බව අපට විශ්වාසයි.

දේශීය පාවහන් නිෂ්පාදකයා රැක ගැනීම සඳහා ආනයනය කරනු ලබන පාවහන් සඳහා අය කරනු ලැබූ සෙස් බද්ද වැඩි කිරීමට අපි රජයක් ලෙස පියවර ගෙන තිබෙනවා. එසේම නීති විරෝධීව මෙරටට රැගෙන එන පාවහන් හේතුවෙන් ද දේශීය පාවහන් නිෂ්පාදකයා ගැටලුවකට මුහුණපානවා. එසේ නීති විරෝධිව මෙරට තුළට පාවහන් රැගෙන ඒම නතර කිරීම සඳහා ද අපි අදාළ අංශ සමඟ සාකච්ඡා කර අවශ්ය පියවර ගෙන තිබෙනවා.

පාවහන් නිෂ්පාදකයාට විදෙස් වෙළෙඳපොළ ජය ගැනීම සඳහා අවශ්ය වාතාවරණය ද අපි සකසා දෙනවා. යම් යම් නීතිමය බාධාවන්, බදු ක්රමයේ පැවැති ගැටලු ආදිය නිරාකරණය කර දී දේශීය කර්මාන්තකරුවා දිරි ගැන්වීමයි අපි සිදු කරන්නේ. කර්මාන්ත අමාත්යාංශය විදිහට අපට දේශීය කර්මාන්තකරුවාට ‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක්’ නිර්මාණය කර දිය හැකියි. ලකුණු රැස් කිරීම ඔහුගේ කාර්යයයි.

විදේශීය නිෂ්පාදන හා සමාන තත්ත්වයේ පමණක් නොවෙයි ඊටත් වඩා හොඳ තත්ත්වයේ නිෂ්පාදනයන් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙනවා. නමුත් අපේ රටේ ඇතැමුන් තුළ තවමත් පවතින ‘දීන ආකල්පයක්‘ නිසා ආනයනික නිෂ්පාදනයන් ඉහළින් තබනවා. විකුණන විටත් කියන්නේ ‘මේක රට එක’ කියලයි. අපි ඒ ආකල්පයෙන් මිදිලා දේශීය දේවල් අගය කිරීමටත් ඒවා පාරිභෝජනය කිරීමටත් සූදානම් විය යුතුයි. එවිට දේශීය නිෂ්පාදකයා රැක ගත හැකියි.

ලංකා කඩදාසි සමාගමට අයත් යකඩවලට විකිණීමට සූදානම් කර තිබූ වාලච්චේන කඩදාසි කම්හලට අපි යළි පණ දුන්නා. ඇඹිලිපිටිය කඩදාසි කම්හලත් නුදුරේදීම යළි විවෘත කෙරෙනවා. ලංකා පිඟන් සංස්ථාව සතු වසා දමා තිබූ තිබූ ‘මහියංගනය උළු කම්හල‘ යළි විවෘත කළා. ඉදිරියේ දී ඔඞ්ඩුසුඩන් උළු කම්හලත් යළි විවෘත වේවි. ඛනිජ සම්පත් ආශ්රිත රාජ්ය සමාගම් මගින් මිනිරන්, ඛනිජ වැලි ආදිය අගය එකතු කිරීමක් සිදු කර අපනයනය සඳහා ගත යුතු පියවර අපි ගනිමින් ඉන්නවා. පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවාට ද දිරි දෙමින් සිටිනවා. කර්මාන්ත ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කිරීමට අපි ක්රමානුකූලව ගමන් කරමින් සිටිනවා.

මම මේ කර්මාන්ත අමාත්යාංශය ඉතා සතුටින් භාර ගත්තේ. මේ රටේ කර්මාන්තකරුවාට අත දීම, දිරි දීම පිංකමක් ලෙසයි මම දකින්නේ. ඒ පිංකමට මම ඉතා කැමැත්තෙන් සම්මාදම් වෙනවා.”

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන බුද්ධික විමලසිරි, ආලෝක වාහලවත්ත, ශ්රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී. ජී. විමලසිරි, ලේකම් ශ්රියානි ද සේරම් ඇතුළු මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්ය ලේකම්,

කර්මාන්ත අමත්යාංශය.

2020.08.25

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *