විදුලි බල සේවයට අවශ්‍ය උපාංග මෙරටදීම නිපදවීමට පියවර…

මෙරට විදුලිය බෙදාහැරීම සදහා අවශ්ය වන පරිවාරක උපාංග දේශීයව නිෂ්පාදනය කිරීමේ ඇති හැකියාව පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල අමාත්ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා සහ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා අතර ඊයේ (16) විදුලිබල අමාත්යාංශයේ දී පැවැත්විණි.
එම උපාංග දේශීයව නිෂ්පාදනය කිරීමේ ඇති හැකියාව පිළිබදව සොයා බැලීමට විදුලිබල අමාත්යාංශය , ලංකා විදුලිබල මණ්ඩලය , ලංකා විදුලි පුද්ගලික සමාගම, කර්මාන්ත අමාත්යාංශය , ලංකා සෙරමික් ආයතනය නියෝජනය වන පරිදි සය සාමාජික කමිටුවක් පත් කල අතර අදාල කමිටු වාර්තාව මසක් ඇතුලත ඉදිරිපත් කරන ලෙස ගරු අමාත්යවරු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.





