`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ජාතික උරුමයන් සුරැකීම උදෙසා පාර්ලිමේන්තු සංසදයක්! | JNP Sri Lanka | National Freedom Front

ජාතික උරුමයන් සුරැකීම උදෙසා පාර්ලිමේන්තු සංසදයක්!

“අපට සොබාදහමෙන් හා අතීත පරම්පරාවන් විසින් සුවිශේෂී භෞතික හා ආධ්‍යාත්මික උරුමයන් රැසක් දායාද කොට තිබෙනවා. අද්‍යතන මානව ක්‍රියාකාරකම් නිසාත් ඇතැම් ස්වාභාවික ක්‍රියාකාරකම් නිසාත් එකී උරුමයන් විනාශ වීමේ තර්ජනයට මුහුණ දී තිබෙනවා. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයන් ලෙස නම් කොට තිබෙන උරුමයන් ඇතුළු ජාතික උරුමයන් අනාගත පරම්පරාවන්ට උරුමකර දීම අප සතු පැහැර හැරිය නොහැකි මානව වගකීමක් මෙන්ම යුතුකමක් ද වෙනවා.

එකී මානව වගකීම ඉටු කරනු වස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ පළාත් සභා හා පළාත් පාලන මහජන නියෝජිතයින්ගේත් ඒ හා බැඳුණු රාජ්‍ය නිලධාරින්ගේත් ඒ වෙනුවෙන් කැපවන පුරවැසියන්ගේත් දායකත්වය ලබා ගනිමින් ජාතික උරුමයන් රැකගැනීම සඳහා ‘ජාතික උරුමයන් සුරැකීම පිණිස පාර්ලිමේන්තු සංසදයක්’ පිහිටුවිය යුතුයැයි අප පාර්ලිමේන්තුවට යෝජනා කළා.

ඒ අනුව අද(09) දින ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස එකී පාර්ලිමේන්තු සංසදය පිහිටුවීමත් එහි සභාපති ධූරය අප වෙත පිරිනැමීමත් සිදුකරනු ලැබුවා. සභාපති ධුරය සඳහා අප යෝජනා කළ සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයාටත් එය ස්ථීර කළ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයාටත් එම අවස්ථාව සඳහා සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඒ.එච්.එම්. අතාවුල්ලා, සරත් වීරසේකර, රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ, රෝහිණී කවිරත්න, චන්න ජයසුමන වීරසුමන වීරසිංහ, ජගත් කුමාර, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට ද අපගේ ගෞරවය පිරිනමනවා. එසේම සංසදයේ ලේකම් ධුරය හොබවන පාර්ලිමේන්තු මහ ලේකම්තුමිය හා මෙම කාර්යය වෙනුවෙන් කැපවුණු පාර්ලිමේන්තු කාරක සභා කාර්යාලයේ නිලධාරීන්ටත් අපගේ ගෞරවය පිරිනමනවා.”

– ජයන්ත සමරවීර,
සභාපති,
ජාතික උරුමයන් සුරැකීම උදෙසා පාර්ලිමේන්තු සංසදය

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *