`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) “අන්තවාදය පරදවා ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගමන්මඟ නිවැරදිව තේරුම් ගනිමින් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට අදිටන් කරගැනීමට සුදුසුම මොහොත මෙයයි” | JNP Sri Lanka | National Freedom Front

“අන්තවාදය පරදවා ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගමන්මඟ නිවැරදිව තේරුම් ගනිමින් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට අදිටන් කරගැනීමට සුදුසුම මොහොත මෙයයි”

ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධානතම අධ්‍යාත්මික උත්සවය වන රාමසාන් උත්සවය අදට (05) යෙදී තිබේ. රාමසාන්හි වැදගත්ම චාරිත්‍රය වන්නේ උදෑසන හිරු උදා වන මොහොතේ සිට සවස හිරු බැස යන තෙක් පුරා මසක් සුරකින උපවාස ශීලය බව දැක ගත හැක. උපවාස ශීලය රැකීම තුළින් සමාජයේ වෙසෙන අන්‍යයන්ගේ කුසගින්න සහ පැවැත්ම පිළිබඳව මෙනෙහි කරමින් පුළුල් ජීවතාබෝධයක් ලබා ගනිමින් අසරණවූවන්ට පිහිට වීමට ඉස්ලාම් බැතිමතුන් පෙළඹෙන බව පැහැදිලි ය.
මේ අනුව පෙනී යන්නේ රාමසාන් උපවාසයෙහි යෙදෙමින් ඉස්ලාම් බැතිමතුන් මෙම මසක කාලය තුළ සහෝදරත්වය, සහජීවනය, පරිත්‍යාගය, ඉවසීම වැනි උසස් ජීවන ගුණාංගයන් මැනවින් වර්ධනයකර ගන්නා බව ය. කෙසේ වුව ද පසුගිය පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන ප්‍රහාරය සමඟ පෙනීගියේ මුස්ලිම් ජන සමාජය තුළ ඉහත උසස් ජීවන ගුණාංග වනසා දමන දුෂ්ට බලවේගයක් ක්‍රියාත්මක බව ය. ඒ ඛේදනීය තත්වයට තම ජන සමාජය තුළින්ම සැබෑ පිළියම් සෙවීමේ වගකීම ද ඉස්ලාම් බැතිමතුනට මෙහිදී සිහිපත් කළ යුතුය.
මේ උතුම් දිනයේදී ඉහත කී උසස් ජීවන ගුණාංග අනුව යමින්, ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගමන් මඟ නිවැරදිව තේරුම් ගනිමින් සමගියෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට මෙන්ම තම ජන සමාජය තුළ මතුව ඇති අන්තවාදය පැරදවීමට ද මෙරට ඉස්ලාම් බැතිමතුන් අදිටන්කර ගත යුතුව තිබේ.
විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ.
2019.06.05
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *