`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) බෝට්ටු සහ බෝට්ටු කාර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ… | JNP Sri Lanka | National Freedom Front

බෝට්ටු සහ බෝට්ටු කාර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

බෝට්ටු සහ බෝට්ටු කාර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ..

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ බෝට්ටු සහ බෝට්ටු කර්මාන්තය ආශ්‍රිත උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට බෝට්ටු නිෂ්පාදකයින්, බෝට්ටු හිමිකරුවන්, බෝට්ටු යාත්‍රාංගන හිමිකරුවන්, බෝට්ටු අපනයනකරුවන්, අපනයන සංවර්ධන මණ්ඩලය, නාවික හමුදාව සහ සංචාරක මණ්ඩලයේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (18) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී උපදේශක කමිටුවේ සභාපතිවරයා පත් කරගැනීම සිදු කෙරුණු අතර ඉදිරි අධ්‍යනයෙන් පසු සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි කමිටු සාමාජිකයින් පත්කර ගැනීමට නියමිතය. බෝට්ටු කර්මාන්තය පිළිබදව 2021 අයවැයට කර්මාන්ත අමාත්‍යංශය විසින් යෝජනා කරන ලද අයවැය යෝජනා සම්මත කරගැනීමට මැදිහත්වීම පිළිබදව කර්මාන්තකරුවෝ ඇමතිවරයාට ඔවුන්ගේ ස්තුතිය පුද කළේය.

බෝට්ටු නිෂ්පාදනයේදී, ලියාපදිංචියේදී සහ අපනයනයේදී ඇති ගැටළු පිළිබදව සහ යාත්‍රා දියත් කිරීමේ යාත්‍රාංගන ආශ්‍රිත ගැටළු පිළිබදව මෙහිදී කර්මාන්තකරුවෝ ඇමතිවරයාගේ අවධානය යොමුකළ අතර ඔවුන්ගේ නිෂ්පාදනයන් එක් ස්ථානයක සිට සිදුකල හැකි පරිදි බෝට්ටු නිෂ්පාදන කර්මාන්තපුරයක් ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ පිළිබද ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමුවූ අතර ඉදිරියේදී ඒ සදහා සුදුසු ස්ථානයක් සහ ක්‍රමවේදයක් කඩිනමින් සකසන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටිය හ.

 

 

 

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *