`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) සාමන්‍ය ජනතාව ඉලක්ක කොට සිදුකල පිපිරීම් මාළාව දැඩිව හෙළා දකිමු ! | JNP Sri Lanka | National Freedom Front

සාමන්‍ය ජනතාව ඉලක්ක කොට සිදුකල පිපිරීම් මාළාව දැඩිව හෙළා දකිමු !

සාමන්‍ය ජනතාව ඉලක්ක කොට සිදුකල පිපිරීම් මාළාව දැඩිව හෙළා දකිමු !

ශ්‍රී ලාංකේය කිතුනු බැතිමතුන් පේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්තානය සමරන පාස්කු ඉරිදා දේවමෙහෙයන් අතරතුර කොළඹ කොච්චිකඬේ ශාන්තආනා දෙව්මැදුර තුලත්, කටාන කටුවාපිටිය දෙව්මැදුර තුලත්, මඩකලපුව දෙව්මැදුරක් තුලත් ෂැන්ග්‍රිලා, සිනමන්ග්‍රෑන්ඞ් සහ කිංග්ස්බරි හෝටල තුළත් සිදුවූ බෝම්බ පිපිරීම් දාමය හේතුවෙන් බියටත් කනගාටුවටත් පත්ව සිටින ජනතාව සමඟ එක්වෙමින් ඔවුනට අපගේ සහෝදරාත්මක බැදීම මෙයින් පළකර සිටිමි. අදාල සිද්ධි හේතුවෙන් පුද්ගලයින් 105කට අධික සංඛ්‍යාවක් මියගොස් පුද්ගලයින් 350 කට අධික සංඛාවක් රෝහල්ගතකොට ඇතැයි මේ වන විට වාර්ථා වේ.

තිස් වසක් රටේ ජනතාව බියට පත්කළ ම්ලේච්ඡ LTTE ත්‍රස්තවාදය අවසන් කොට ගෙවුණු පසුගිය වසර 10 තුල මෙවැනි වාතාවරණයක් ඇති නොවුණු අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ ඇති උනන්දුව ක්‍රමයෙන් අඩුවීම මෙයට හේතුවයි. මෙවැනි වාතාවරණයක් ඇතිවීම අතිශය කණගාටුදායකය. මෙවැනි සැළසුම් සහගත බෝම්බ පිපිරීම් පිළිබද කලින් තොරතුරු ලබාගත හැකිව තිබු රාජ්‍ය බුද්ධිඅංශ සාමාජිකයින් සිරගත කොට එම බුද්ධිඅංශ අඩපන කළ ආණ්ඩුව මේ විනාශයට සම්පුර්ණයෙන්ම වගකිව යුතුය. තවද මේ මොහොතේ රටේ ජනතාවගේ ආරක්ෂාව සැලසීම ආණ්ඩුවේ පුර්ණ වගකීම වන බව සිහිපත් කර සිටින අතර මෙම අපරාධ වලට සම්බන්ධ ත්‍රස්තවාදීන් හෝ කවරකු වුවද වහාම නිතිය හමුවට ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කලයුතු බව අවධාරණය කරමි. එසේම ජාතික ආරක්ෂාවේ ඇති වැදගත්කම අවබෝධ කර ගැනීමට මෙම තත්වය හෝ අවස්ථාවක් කරගනු ඇතැයි විශ්වාස කරමි.

මෙම මිලේච්ඡ සහ බියගුළු ප්‍රහාර මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින අතර ප්‍රහාරයන්ගෙන් මියගිය අය පිළිබද අපගේ සංවේගය පලකරමින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. තවද සියලු ජනතාව ඉවසීමෙන් යුතුව මේ අවස්ථාවේ ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටින අතර ජාතියක් ලෙස කිසිදු භේදයකින් තොරව එක්ව කටයුතුකර මේ ප්‍රහාරයේ සුල මුල සොයා ඊට බලපෑ හේතූන් මුලිනුපුටා දැමීමට එක්වන ලෙසට සියලු පාර්ශවයන්ට ආරාධනය කර සිටිමි.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2019.04.21

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *