“අත්තනෝමතික බදු සංශෝධන හේතුවෙන් හිටපු පාලකයන්ට ගෙදර යන්න සිදු වුණා” – ජා.නි.පෙ. පා.ම. ගාමිණී වලේබොඩ

අත්තනෝමතික බදු සංශෝධන හේතුවෙන් හිටපු පාලකයන්ට ගෙදර යාමට සිදු වූ බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
ඒ අද (09) දින පාර්ලිමේන්තුවේදී, දේශීය ආදායම් පනතට ගෙනා සංශෝධන පිළිබඳ විවාදයේදී අදහස් දක්වමිනි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විද්‍යාත්මක බදු පැනවීමක් සඳහා අවශ්‍ය කරන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වහාම පත් කළ යුතු බවයි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





