අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “කෑගල්ල සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම” ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, “කෑගල්ල සම්ප්‍රාප්තිය” අද(11)සවස රුවන්වැල්ල එන්. එම්. පෙරේරා අනුස්මරණ ශාලාවේ පැවැත්විණි.

මෙම කෑගල්ල දිස්ත්‍රික් සමුළුව අමතා එහි නායක මණ්ඩලය වෙනුවෙන් සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ, නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වූහ.

එසේම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය මහතා මෙම ජනතා සමුළුව ඇමතූ අතර ලංකා සම සමාජ පක්ෂයේ, ලංකා වතු කම්කරු වෘත්තීය සංගමයේ නියෝජ්‍ය ලේකම් ඩී. මාරිමුත්තු මහතා දමිළ බසින් සමුළුව ඇමතීය. පැමිණි පිරිස පිළිගැනීම ලංකා සම සමාජ පක්ෂයේ රුවන්වැල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක නීතිඥ කාංචන හර්ෂ කුමාර මහතා විසින් සිදු කරන ලද අතර ස්තුති කතාව ජාතික නිදහස් පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක සුරංග සිරිවර්ධන මහතා සිදු කළේය.

උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් කෑගල්ල දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින් ඔක්තෝබර් මස 15 වැනිදා මාතරින් ඇරඹුණු අතර “රුවන්පුර සම්ප්‍රාප්තිය”, “අනුරාධපුර සම්ප්‍රාප්තිය”, “මහනුවර සම්ප්‍රාප්තිය”, “නුවරඑළිය සම්ප්‍රාප්තිය” හා “ගාල්ල සම්ප්‍රාප්තිය” ද මේ වනවිට සිදුව ඇත.

මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය,
2022-12-11

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *