අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “මහනුවර සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින් ඔක්තෝබර් මස 15 වැනිදා මාතරින් ඇරඹුණු අතර “රුවන්පුර සම්ප්‍රාප්තියට” සහ “අනුරාධපුර සම්ප්‍රාප්තියට” පසුව “මහනුවර සම්ප්‍රාප්තිය” අද(13) උදේ මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේදී පැවැත්විණි.

උත්තර ලංකා සභාගයේ “මහනුවර සම්ප්‍රාප්තිය” සමුළුව අමතා එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් එහි ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වෘත්තීය සමිති නායක අම්මාන් නල්ලුසාමි යන මහත්වරු ද අදහස් දැක්වූහ.

පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක ඩී. යූ සෙනරත් මහතා විසින් කරන ලද අතර පිවිතුරු හෙළ උරුමයේ මහනුවර දිස්ත්‍රික් නායක, පූජ්‍ය නිකවැරටියේ ධම්මරතන හිමියෝ ද අදහස් දැක්වූහ.

උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් මහනුවර දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *