අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” සිදු වූ වගයි…

ශ්රී ලංකා රාජ්යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දීපව්යාප්ත මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්රාප්තිය” නමින් 2022 ඔක්තෝබර් මස 15 වැනිදා(අද) මාතර නූපේ සණස ශාලාවෙන් ඇරඹිණි.
මෙම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්රාප්තිය” අමතා එහි සභාපති, විමල් වීරවංශ, ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්ය සභාපති මහාචාර්ය තිස්ස විතාරණ යන හිටපු අමාත්යවරු ද අනුශාසක, පාර්ලිමේන්තු මන්ත්රී පූජ්ය අතුරලියේ රතන හිමි, ලේකම් විශේෂඥ වෛද්ය ජී වීරසිංහ, විධායක සභිකවරු වන තිළිණ පීරිස්, වීරසුමන වීරසිංහ යන මහත්වරු ද අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට ‘නිදහස’ ජනතා සභාවේ සභාපති, හිටපු අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.





