`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ආගමික සහජීවනයට හානි කරන මංජු නිශ්ශංකට වහා නීතිය ක්‍රියාත්මක කරන්න - ජයන්ත සමරවීර මහජන ආරක්ෂක ඇමැතිට ලියයි | JNP Sri Lanka | National Freedom Front

ආගමික සහජීවනයට හානි කරන මංජු නිශ්ශංකට වහා නීතිය ක්‍රියාත්මක කරන්න – ජයන්ත සමරවීර මහජන ආරක්ෂක ඇමැතිට ලියයි

ආගමික සහජීවනයට බාධා පමුණුවන මංජු ශ්‍රී නිශ්ශංක නැමැත්තාගේ ක්‍රියාකාරිත්වයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර මහතා විසින් අද (28) දින මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියා.

අදාළ ලිපිය පහතින් දැක්වේ.

උපුටා ගැනීම,

“ටිරාන් අලස් මැතිතුමා,
මහජන ආරක්ෂක අමාත්‍ය,
මහජන ආරක්ෂක අමාත්‍යාංශය,
14 වැනි මහල,
සුහුරුපාය,
බත්තරමුල්ල.

ගරු අමාත්‍යතුමනි,

ආගමික සහජීවනයට බාධා පමුණුවන මංජු ශ්‍රී නිශ්ශංක නැමැත්තාගේ ක්‍රියාකාරිත්වයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගැනීම

ආගමික සහජීවනයට බාධා පමුණුවන, විශේෂයෙන් බුදුදහමට ඉතාමත් නින්දිත ලෙස පහර පිට පහර දෙන යම් කල්ලි, කණ්ඩායම් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන බව ඔබතුමන් ද දන්නා සත්‍යයකි. මෙම ප්‍රවණතාව දිනෙන් දින උග්‍ර වන බවක් පෙනී යන අතර ඉන් ආගමික සහජීවනයට බාධා පමුණුවන මංජු ශ්‍රී නිශ්ශංක නැමැත්තාගේ ක්‍රියාකාරිත්වය ඉතා බරපතල තත්ත්වයක පවතී.

යම් ආගමික ශාස්තෘවරයකුට, යම් ආගමකට එරෙහිව සිදු කරන ප්‍රකාශ මගින් මුළුමහත් සමාජයකට ගිනි ඇවිලවිය හැකි අතර ඒ බව හොඳින් දන්නා බාහිර බලවේග රට තුළ පවතින සාමකාමී වාතාවරණය විනාශ කිරීමට මෙවැනි “බළල් අත්” යොදවා ඇති බව අපගේ විශ්වාසය වන අතර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඒ පිළිබඳව ඔබතුමන්ගේ දැඩ් අවධානය යොමු විය යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමි.

විශේෂයෙන් ඉහත කී තැනැත්තා අතිවිශාල මුදලකට මෑතකදී මිලදී ගෙන ඇතැයි පැවසෙන එක්තරා සමාජ මාධ්‍ය නාලිකාවක් මගින් දිගින් දිගටම ආගමික සහජීවනයට බාධා පමුණුවන, මහජන කැළඹීමකට පාර කපන ප්‍රකාශ සමාජගත කරමින් සිටී. මෙය හුදකලා සිදුවීමක් නොවන අතර ආගමික ගැටුම් ඇති කොට, රටට ගිනි ඇවිලවීමේ ප්‍රයත්නයක නිරතව සිටින ඉහත කී බාහිර බලවතුන්ගේ අනුග්‍රහය මේ සඳහා ලැබී ඇති බව ද පෙනී යයි. අප ඔබතුමන් වෙතින් පළමුකොට ඉල්ලා සිටින්නේ “මහා ධනස්කන්ධයක් උපයාගෙන ඇමරිකාවේ සිට පැමිණියා” යැයි පවසන මංජු ශ්‍රී නිශ්ශංක නැමැති පුද්ගලයාගේ ඉහත කී නින්දිත ක්‍රියාකාරිත්වයට මුදල් පොම්ප කරන විදේශ රටවල ඔත්තු සේවා සහ සංවිධාන කවරේ දැයි විමර්ශනය කිරීමට කඩිනමින් පරීක්ෂණ අරඹන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙස ය.

එවැනි විධිමත් විමර්ශනයක ප්‍රතිඵල මත පදනම්ව ආගමික ගැටුම් ඇවිලවීමට තුඩුදෙන, මහජන කැළඹීමකට පාර කපන අපරාධ වැරදි සිදු කරන මෙකී තැනැත්තා ඇතුළු ඔහුගේ කල්ලියට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.

මෙයට ව්ශ්වාසී,
ජයන්ත සමරවීර(පා.ම.),
ජාතික සංවිධායක,
ජාතික නිදහස් පෙරමුණ,
2023-05-28

පිටපත්
1. පොලිස්පතිතුමා
2. සියලු ජනමාධ්‍ය ආයතන”

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *