“ආණ්ඩුව රණවිරුවොයි, ත්‍රස්තවාදියොයි එකට සමරන්න හදනවා” – ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීරවීඩියෝ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගත් පත්‍රිකාවක් මගින් යුද්ධයෙන් මිය ගිය රණවිරුවන්වත්, කොටි ත්‍රස්තවාදීන්වත් එකට සැමැරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර මහතා පවසයි.
ඒ අනුව, කොළඹ නගරයේ ස්මාරකයක් ස්ථාපිත කිරීමට නියමිතව ඇති බවටයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.
වත්මන් ජනාධිපතිවරයාගේ අරමුණ රණවිරුවන්ව සහ ත්‍රස්තවාදීන්ව සමාන කිරීම බවත්, මේ ආකාරයට වීරෝධාර රණවිරුවන්ව හෑල්ලු නොකරන ලෙසත් මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





