උත්තර ලංකා සභාගයෙන් ජනාධිපති අපේක්ෂකයෙක්
ඉදිරි ජනාධිපතිවරණයේදී උත්තර ලංකා සභාගය විසින් අනිවාර්යයෙන්ම තම අපේක්ෂකයෙකු ඉදිරිපත්කරන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.
ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟින් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.
උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ තම කදවුරට ජනාධිපති අපේෂකයා සම්බන්ධයෙන් විකල්ප තුනක් ඇති බවත්, නිසි වේලාව පැමිණි කළ ඒ පිළිබදව වැඩි විස්තර හෙළිකරන බවත්ය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.