උත්තර ලංකා සභාගයේ “ජාතික උපදේශක සභාව (National Advisory Council) මුල්වරට රැස්වෙයි!

උත්තර ලංකා සභාගයේ “ජාතික උපදේශක සභාවේ (National Advisory Council) මංගල රැස්වීම අද(10) සවස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට උත්තර ලංකා සභාගයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපතිවරුන් වන හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, අනුශාසක පූජ්‍ය අතුරලියේ රතන හිමි, විධායක සභික ජයන්ත සමරවීර, විධායක සභික වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගී වූහ.

එසේම උත්තර ලංකා සභාගයේ “ජාතික උපදේශක සභාව (National Advisory Council) නියෝජනය කරමින් වෛද්‍ය රනිල් සේනානායක, වෛද්‍ය රත්නපාල, වෛද්‍ය නන්දදාස නාරායන, කෘෂිකර්ම උපදේශක ප්‍රේමරත්න, නෙස්ලි රංජිත් රාජසේකර, වෛද්‍ය උදයකුමාර, ආචාර්ය ලයනල් වීරකෝන්, දිනිත්‍රා අබේසේකර, මහාචාර්ය සමන් වීරක්කොඩි, වෛද්‍ය බන්දුල පෙරේරා, නීතිඥ නිමල් රණවක, සංජීව ධම්මික, රංජිත් අතුල, නීතිඥ භූපති කහතුඩුව, නීතිඥ රෝහණ තල්පාවිල, විශ්‍රාමික බ්‍රිගේඩියර් ප්‍රියංග ජයවර්ධන, ආචාර්ය ප්‍රභාත් සමරසිංහ, ආචාර්ය නිමල් කුමාරසිංහ, ආචාර්ය චන්දිම බෝගහවත්ත, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, සේනාරත්න ද සිල්වා, කථිකාචාර්ය අජිත් ජයවර්ධන, විශ්‍රාමික අද්මිරාල් උදයකීර්ති බණ්ඩාර, නීතිඥ රාජා ගුණරත්න, මතුගම සෙනවි රුවන්, මහාචාර්ය කේ.කේ.ඩී.එස්. රණවීර, විනෝද් මුණසිංහ, රවීන්ද්‍ර සමරසිංහ, පර්සි සමරසිංහ, කසුන් කාරියවසම්, ආචාර්ය ජගත් මුණසිංහ, ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති, වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න, මහාචාර්ය කේ.ඩී.එන්. වීරසිංහ, කිත්සිරි විජේසූරිය යන විද්වත් වෘත්තිකයෝ පිරිස රැස්වීමට එක්ව සිටියහ.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *