“උපාධිධාරී ව්‍යවසායක උදානය 2020” වැඩසටහන යටතේ උපාධිධාරි ව්‍යවසායකයින් 146කට මුල්‍යමය ප්‍රතිලාභ ලබාදෙයි

“උපාධිධාරී ව්‍යවසායක උදානය 2020” වැඩසටහන යටතේ උපාධිධාරි ව්‍යවසායකයින් 146කට මුල්‍යමය ප්‍රතිලාභ ලබාදෙය

සෞභාගයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව රට තුළ ශක්තිමත් දේශීය ව්‍යවසායක පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කොට ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කොට ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින නව ව්‍යාපාරික අදහස් ඇති උපාධිධාරි ව්‍යවසායකයින් වෙත සිය ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිලාභ ලබාදීමේ ජාතික වැඩසටහන අද (08) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

රට තුළ නව ව්‍යවසායකයින් බිහි කිරීම, විවිධාංගීකරණය සහ ප්‍රමිතිය ඔප් නැංවීම තුළින් පවතින ව්‍යාපාර සවිබල ගැන්වීම යන අරමුණු සදහා විවිධ ව්‍යාපෘති දියත් කරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව උපාධිධාරි ව්‍යවසායකයන් 146 දෙනෙක් වෙත රු 150,000ක අවමයකට සහ රුපියල් 400,000ක උපරිමයකට යටත්ව මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කෙරිණි. ඔවුන් දේශීය ව්‍යවසායකයින් ලෙස බලගැන්වීමේ ඇති වැදගත්කමත්, ඉදිරියේදී තවත් උපාධිධාරි ව්‍යවසායකයින් වැඩි ප්‍රමාණයකට සිය ආයතනයේ සහාය ලබාදීමට සුදානමින් සිටින බවත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා අදහස් දක්වමින් පැවසිය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චුලානන්ද පෙරේරා, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,
කර්මාන්ත අමාත්‍යාංශය,
2020-12-08

 

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *