ඒකාබද්ධ විපක්ෂයෙන් සංකේතාත්මක මැයි දින සැමරුමක්…!
ඒකාබද්ධ විපක්ෂයෙන් සංකේතාත්මක මැයි දින සැමරුමක්…!
අදට යෙදෙන 133 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය සංකේතාත්මක මැයි දින සැමරුමක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මැයි දින සැමරුමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිති නායකයෝ ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්න, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ, සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, හිටපු අමාත්‍ය ඒ.ඒල්.එම් අතාවුල්ලා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු ද මෙහි දී අදහස් දැක් වූහ.





