“කරව්! නැත්නම් පලයව්!!”: රටම බලමුළු ගන්වන මහජන සමුළුව නොවැම්බර් 19(හෙට) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

ආණ්ඩුවට එරෙහිව “කරව්! නැත්නම් පලයව්!!” යන සටන් පාඨය යටතේ රටම බලමුළු ගන්වන මහජන සමුළුවක් නොවැම්බර් 19(හෙට) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා ඇත.

ආණ්ඩුවට, ‘කරව්!’ කියන්නේ ‘කරනවානම් හරියට කරන්න!’ යන්න බවත් ‘නැත්නම් පලයව්!!’ යන්නෙන් අර්ථවත් වෙන්නේ ‘එහෙම ‘නොකරනවානම් වද නොදී යන්න’ කියන එක බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, ආණ්ඩුව ‘හරියට කරන බවක්’ නොපෙනෙන නිසා උත්තර ලංකා සභාගයට ඒ සඳහා බල කිරීමේ වගකීමක් තිබෙන බව ද සඳහන් කරයි.

මෙම මහජන සමුළුවේදී උත්තර ලංකා සභාගය විසින් ආණ්ඩුවට ‘අවම වැඩපිළිවෙළක්’ ඉදිරිපත් කරන බවත් ‘අඩුම තරමින් මේ ටික කරපල්ලා. එහෙම කරනවානම් විතරයි නුඹලාට සදාචාරාත්මකව බලයේ රැඳෙන්න පුළුවන්’ යන්න එමගින් අවධාරණය කරන බවත් ඒ මහතා පවසයි.

මෙම මහජන සමුළුව අමතා එහි නායක මණ්ඩලය වෙනුවෙන් සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ, ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වති.

පස්වරු 3.00 සිට සජීවී විකාශය පහත පිටු ඔස්සේ බලාපොරොත්තු වෙන්න.
—————————
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *