ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලා කුරුන්දි පුදබිමට කඩාවැදී සිදු කළ “නොනවතින ජාතිවාදී ගැටුමකට තුඩු දිය හැකි නින්දිත ක්‍රියාව” දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා!

ඓතිහාසික කුරුන්දි පුදබිමෙහි “රතන සූත්ර සජ්ඣායනය සහ ආශිර්වාද පූජාවක්” පැවැත්වෙන අතරතුර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ගජේන්ද්රකුමාර් පොන්නම්බලම් ඇතුළු දෙමළ බෙදුම්වාදී අන්තවාදීන් පිරිසක් “පොංගල් පූජාවක්” සිදු කිරීමට යැයි පවසමින් කුරුන්දි පුදබිමට කඩාවැදී සිදු කළ “නොනවතින ජාතිවාදී ගැටුමකට තුඩු දිය හැකි නින්දිත ක්රියාව” ප්රථම කොටම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

කුරුන්දි පුදබිම හෙවත් කුරුන්දි අශෝක විහාරය යනු ක්රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවයන ඉතිහාසයකට හිමිකම් කියනු ලබන, 1831 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද නාගචෝල වනාන්තරයේ පිහිටි විශේෂිත පුරාවිද්යා ස්මාරකයකි. බ්රිතාන්ය පාලන සමයේ දී පවා කුරුන්දි විහාර පුරාවිද්යා ස්මාරකයට අක්කර 74ක භූමියක් වෙන් කරනු ලැබ ඇත. පසුව සිදු කරන ලද පුරාවිද්යා ගවේෂණවලදී අනාවරණය වූ තොරතුරු මත නාගචෝල වනාන්තරයේ තවත් අක්කර 249ක් ද මෙම පුරාවිද්යා ස්මාරකයට අයත් වන සේ මායිම් ගල් යොදා වෙන් කර තිබේ. වර්තමානයේ කුරුන්දි විහාර පුදබිම ලෙස හැඳින්වෙන්නේ මෙම සමස්ත භූමි භාගයයි.

69 ලක්ෂයේ ජනවරමට ඉඳුරාම පටහැනිව ක්රියා කරන අනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ක්රියා කලාපය අද ඓතිහාසික කුරුන්දි පුදබිම පමණක් නොව උතුරු නැඟෙනහිර සියලු පුරාවිද්යා ස්මාරක සංහාරයකට දෙමළ බෙදුම්වාදී අන්තවාදීන්ට පාර කපා දී තිබේ. එහිදී තම ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද කුට්ටිය බලාපොරොත්තුවෙන් මේ අනුප්රාප්තික ජනාධිපතිවරයා ඔවුන් පිනවයි. ඒ අතරතුර එම දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන් සැරසෙන්නේ ඔවුන්ගේ ඊනියා දෙමළ නිජබිම සපුරාම මිත්යාවක් බව තහවුරු කෙරෙන උතුරු හා නැගෙනහිර ප්රදේශවල පුරාවිද්යා ස්මාරක වනසා දැමීමයි. ඔවුන්ගේ නිජබිම් මිත්යාවට ප්රබලතම පහරක් එල්ල වන පුරාවිද්යා ස්මාරකයක් වන්නේ ක්රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන කුරුන්දි පුදබිම බව ඔවුහු හොඳින් දනිති.

ඒ අනුව කුරුන්දි අශෝක විහාරයෙහි පොකුණ වැවක් බවත් ඒ අවට වගාබිමක් පවතින බවත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් පවසන විට “කුරුන්දි අශෝක විහාරයට ඇයි අක්කර 300ක්? වහාම මේ වගාබිම වගා කරන අයට දෙන්න” යැයි පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල්වරයාට පවසන තරමට ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය පිනවමින් සිටියි. එසේම ගජේන්ද්රකුමාර් පොන්නම්බලම්ගේ “කුරුන්දි පුදබිමෙහි හින්දු කෝවිලක් ඉදි කිරීමේ සිහිනයට” ද ජනාධිපතිවරයා පණ දෙමින් සිටියි.

මේ බරපතළ පුරාවිද්යා ස්මාරක සංහාරය සිදු වන්නේ ජාතික සංහිඳියාවේ නාමයෙන් 13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට පෙර ය. එසේ නම් 13 පූර්ණ ලෙස බලාත්මක කළහොත් සිදුවිය හැකි පුරාවිද්යා ස්මාරක සංහාරයේ තරම සිතා ගැනීමටවත් නොහැකි එකක් වනු ඇත. මේ සියලු පෙරනිමිති කියාපාන්නේ ජාතික සංහිඳියාවේ නාමයෙන් බරපතළ ජාතිවාදී මරාගැනිල්ලකට යළිත් පාර කැපෙන බව නොවේද? මේ බරපතළ තත්ත්වය ගැඹුරින් තේරුම් ගනිමින් සැබෑ සංහිඳියාවේ මාවත වෙත පිය නැගීමට සියලු ජනකොටස්වලට අයත් සබුද්ධික ජනතාව අත්වැල් බැඳ ගත යුතුව තිබේ.

විමල් වීරවංශ(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *