ගමේ දරුවන්ට නීති විද්‍යාලයේ දොර වහන පනතට විමල් විරුද්ධ වෙයි

බමුණුකුලයට ඉඩ හදමින් ගමේ දරුවන්ට නීති විද්‍යාලයේ දොර වැසීමේ පනතට තමන් දැඩි සේ විරුද්ධ බවත්, එම පනත වහාම අකුලා ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) දින ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
සිංහල භාෂාවෙන් නීති විද්‍යාලයේ ඉගෙන ගැනීමට තිබෙන අවස්ථාව අහෝසි කරමින් ආණ්ඩුව ගෙන ආ පනතට එරෙහිව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කළේය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





