ගෝඨාගේ කාලයේ ප්‍රසූත වුණේ යහපාලන කාලයේ පිලිසිඳගත් ආර්ථික අර්බුදය නමැති දරුවා

වත්මන් ආර්ථික අර්බුදයට ආසන්නවම වගකිවයුත්තා යහපාලන පාලනය බවත්, ඒ කාලයේ පිලිසිඳගත් ආර්ථිකය නමැති දරුවා ප්‍රසූත වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.
උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ එවැනි දරුවෙකු බඩේ සිටිනා බව හිටපු ජනාධිපතිවරයා නොදැන සිටි බවයි.
ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟින් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





