ගෝඨාභය, රනිල්ගෙන් අවසන් මොහොතේ කළ ඉල්ලීම විමල් හෙළි කරයි

මේ වන විට සේවාවේ නිරතව සිටින ආරක්ෂක ප්‍රධානීන් හතර දෙනෙකුව ඉවත් කරන මෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ මහතා පවසනවා.

“මම හොඳටම දන්නවා ගෝඨාභය රාජපක්ෂ පලා ගිහිල්ලා, ඔය රටවල් කිහිපයක රවුම් ගහලා ලංකාවට ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව හම්බවුණාම ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කළා ශවේන්ද්‍ර ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් හතර දෙනෙක් අයින් කරන්න, නැත්නම් මට වෙච්චි දේ ඔයාටත් වෙනවා කියලා.

හැබැයි ඒ හතරම ගෝඨාභය රාජපක්ෂ ගොඩාක් විශ්වාස කරගෙන හිටපු හතරක්. එක්කෙනෙක් බුද්ධි අංශ ප්‍රධානී සලේ, අනෙක් එක්කෙනා ශවේන්ද්‍ර, අනෙක් එක්කෙනා කමල් ගුණරත්න. ඊළඟට පොලිස්පති. පොලිස්පතිතුමාට මාස තුනක සේවා දිගුවකුත් දුන්නානෙ. විශ්‍රාම ගියාට පස්සේ. දැන් මේවා අපි කියවගන්න ඕන.”

ඒ මහතා එම අදහස් දැක්වූයේ, ඊයේ (21) දින මතුගම S & A හෝටලයේදී පැවැති, “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබද සංවාදශීලී සම්මන්ත්‍රණ මාලාවේ දෙවන අදියරේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *