චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂෝ ශ්‍රී ලංකාවේ දේශපාලන නියෝජිතයන් හමුවෙයි!

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේදී ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දැනුවත් කිරීම පිණිස චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි එම නියෝජිත පිරිස අද(16) කොළඹදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් හමුවීමට කටයුතු කළහ.

එහිදී චෙන් ෂෝ මහතා අවධාරණය කරනු ලැබුවේ චීනය සෑම විටම ලෝක ජනතාව අතර සාමය, සහජීවනය සහ සෞභාග්‍යය ඇති කිරීම වෙනුවෙන් හැකි උපරිම උත්සාහය ගන්නා බවයි. ඒ වෙනුවෙන් ලෝකයේ සියලුම ජාතීන් සමග අත්වැල් බැද ගැනීමට චීනය පසුබට නොවන බව ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක, විමල් වීරවංශ, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2023-01-16

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *