ජනපති – අගමැති – විපක්‍ෂ නායක – දේශපාලන පක්‍ෂ නායකයින් කඩිනමින් එකතැනකට කැඳවා ‘රටේ අසරණ වූ ජනතාවගේ රැකවරණය’ වෙනුවෙන් නියෝගයක් නිකුත් කරන්න

ජනපති – අගමැති – විපක්‍ෂ නායක – දේශපාලන පක්‍ෂ නායකයින් කඩිනමින් එකතැනකට කැඳවා ‘රටේ අසරණ වූ ජනතාවගේ රැකවරණය’ වෙනුවෙන් නියෝගයක් නිකුත් කරන්න

– විමල් මහනාහිමිවරුන්ගෙන් ඉල්ලයි

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, අනෙකුත් ආගමික නායකයින් ඒකාබද්ධව ජනාධිපති – අගමැති – විපක්‍ෂනායක – දේශපාලන පක්‍ෂ නායකයින් කඩිනමින් එක තැනකට කැඳවා ‘රටේ අසරණ වූ ජනතාවගේ රැකවරණය’ වෙනුවෙන් පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි තමන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් වෙතින් ඉල්ලා සිටි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

අද (28) මහනුවර දී ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමි බැහැදැකීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරයේ පිටුපස වන ඇත්ත කතාව අනාවරණය කරමින් තමන් සිදු කළ ‘ත්‍රස්ත ප්‍රහාරයේ නොපෙනෙන ඇත්ත’ දේශනය ඇසුරින් ලියන ලද ග්‍රන්ථය මහනාහිමිවරුන් වෙත පිළිගැන්වීම මෙම මහනුවර ගමනේ තවත් අරමුණක් වූ බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවත් ඒ ප්‍රහාරය දඩමීමා කර ගනිමින් රට තුළට රිංගීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව රජය සමඟ අත්සන් කළ හා අත්සන් කිරීමට නියමිත ීධත්‍්ල ්ක්‍ී් හා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම් පිළිබඳවත් රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට ඉඩ නොදෙන ආණ්ඩුව තුළ සිටින රිෂාඞ් බදුර්දීන් වැනි ඇමතිවරුන්ගේ සහ හිස්බුල්ලා, අසාත් සාලි වැනි ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාකාරකම් ද තමන් මහනාහිමිවරුන් හමුවේ ඉදිරිපත් කළ බව ඒ මහතා සඳහන් කළේය.

අසාත් සාලි වැනි ආණ්ඩුකාරවරුන්ගේ හැසිරීමෙන් පෙනී යන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සිදු කොට ඇත්තේ වහාබ්වාදී ත්‍රස්තවාදීන් නොව සෙසු ජනතාව යැයි පෙන්වීමට කටයුතු කිරීමක් බවත් එවැන්නන් ආරක්‍ෂා කරන ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ මේ වහාබ්වාදී ත්‍රස්තවාදී වරදකරුවන් නිවැරදි කොට වෙනත් පිරිසක් චූදිතයන් කිරීම බවත් මෙසේ කටයුතු සිදු වුවහොත් ජනතාවගේ ඉවසීමේ සීමාව අවසන් වනු ඇති බවත් විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත අවධාරණය කළේය. එහෙයින් එවැනි තත්වයකට ජනතාව පත් වීමට වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙස තමන් මහනාහිමිවරුන් වෙතින් ඉල්ලා සිටි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර, තරුණ කටයුතු පිළිබඳ ලේකම් උදයශාන්ත ගුණසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද නියෝජ්‍ය ලේකම්, හිටපු මධ්‍යම පළාත් අමාත්‍ය නිමල් පියතිස්ස, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල යන මහත්ම මහත්මීහු ඇතුළු පක්‍ෂයේ මහනුවර දිසා සභා සාමාජිකයෝ ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/05/28

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *