“ජෙරම් පිටුපස සිටින විදෙස් බලවේග කවුද?” ජානිපෙ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල්ගෙන් හෙළිදරවුවක්වීඩියෝ 

ජෙරම් ප්‍රනාන්දු නමැති පුද්ගලයා සමාජය තුළ නැවතත් ආගමික ගැටුමක් නිර්මාණය කිරීමේ අරමුණෙන්ම බුදුන්වහන්සේට සහ ඉස්ලාම් ආගමට අපහාස කළ බව පෙනී යන බවත්, ඔහු පිටුපස විදෙස් බලවේගයන්ගේ හස්තයන් පැහැදිළිවම ක්‍රියාත්මක වන බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒ අද (17) දින පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අඳහස් දක්වමින්ය.

වැඩිදුරටත් අඳහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා,

“ඒ වගේම අපි සමාජයෙන් ඉල්ලා සිටිනවා මේ සමාජය ගිණි තියන්න, මේ සමාජය අවුලවන්න, මිනිස්සුන් අතර ගැටුම් ඇතිකරන්න විශාල උවමනාවක් තියෙනවා. ඒ උවමනාව ඉතා පැහැදිළියි ජෙරම් ප්‍රනාන්දු නමැත්තා රටින් පිටවෙනවා. ඔහු රටින් පිටවෙලා, ඔහු ඊයේ දිනයේ සමාජ මාධ්‍යජාලා වල ප්‍රකාශයක් කරනවා ඔහු ඉරිදා නැවත ලංකාවට පැමිණෙනවා , ලංකාවට පැමිණෙද්දී පවුල් පිටින් නැවත කට්ටිය ඒකරාශී වෙන්න කියලා. එතකොට, දැන් මෙතන තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි ඔහු රටින් පලා ගිහිල්ලා ඒ පිටරටකදී හමුවුණේ කවුද? මොන බලවේගයද හමුවුණේ? සාකච්ඡා කළේ කාගෙත් එක්කද? ඒ සාකච්ඡාවලින් අනතුරුව ඔහු ධෛර්‍යවන්තව ප්‍රකාශ කරනවා මම ලංකාවට එනවා පවුල් පිටින් කට්ටිය එකතුවෙන්න කියලා.

ඒ කියන්නේ මොකක්ද? නැවත මහජන කැළබීමක් ඇති කිරීම සඳහාද මිනිස්සුන්ට එන්න කියන්නේ? නැවත ගැටුම්කාරී වාතාවරණයක් ඇති කිරීම සඳහාද මේ මිනිස්සුන්ව කැඳවන්නේ ඉරිදා. එක ප්‍රකාශයක් කරලා මුළු සමාජයක් ගිණිතියලා, අවුලවල, මිනිස්සුන්ගේ හිත්වල වෛරය ඇති කරලා ගැටුම්කාරී තත්ත්වයකට යම්කිසි පසුබිමක් සකසළා, දැන් නැවත මහජන ඒකරාශී කිරීමක් සිදුකරන්න යන්නේ කුමන පරමාර්ථයෙන්ද කියන එක ඉතාම භයානක තත්ත්වයක්.

ඒ හින්දා අපි විශ්වාස කරනවා ඔහු පිටුපස ඉතා පැහැදිළිව විදෙස් බලවේගයන්ගේ හස්තයන් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ. මේ රට සාමකාමී තත්ත්වයෙන් පවත්වාගන්න අකමැති අය, මේ රටේ ගැටුමක් ඇතිකිරීමේ උවමනාවෙන් පෙළෙන අය මේ ජෙරම් ප්‍රනාන්දු නමැත්තා පිටිපස්සේ ඉන්නවා. ඔහු එක් හස්තයක් පමණයි. ඒ පිළිබදව ආණ්ඩුව වහාම නිසි පරීක්ෂණයක් කරන්න ඕනෙ කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා.”

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *