“දරුවන්ගේ කුසගින්න නිවන්න වහාම පියවර ගන්න” – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ රජයෙන් ඉල්ලයි

උදෑසන ආහාරය නොගැනීම දරුවන්ගේ මොළයේ වර්ධනයට මෙන්ම, ශරීරයේ වර්ධනයටද ඉතා අහිතකර ලෙස බලපාන බවට අදාළ පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසනවා.
දරුවන්ගෙන් පහෙන් එකක් මේ වනවිට මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, අනාගත ශ්‍රම හමුදාව මානසික සහ ශාරීරික දුර්වලතාවයන්ගෙන් පෙළෙන පරපුරක් නොවීමට නම් දරුවන්ගේ මෙම පෝෂණ ගැටලුව පිළිබදව රජය වහාම ඉතා ඉහළ අවධානයක් යොමු කළ යුතු බවටයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේ.





