දැන්වත් පිළිගන්න මුස්ලිම් ජන සමාජය තුළ වහාබ්වාදී අන්තවාදය මතවාදයක් ලෙස පමණක් නොවෙයි මරාගෙන මැරෙන සන්නද්ධ ක්‍රියාකාරීත්වයක් බවටත් පත් වී ඇති බව. එසේ තිබියදී හලීම්ලා, මරික්කාර්ලා, අමීන්ලා හැසිරෙන්නේ සෙසු ජන කොටස් ගොන්නු කියලා හිතාගෙන ද? – ජාතික නිදහස් පෙරමුණ

මුස්ලිම් ජන සමාජය තුළ වහාබ්වාදී අන්තවාදය මතවාදයක් ලෙස පමණක් නොව මරාගෙන මැරෙන සන්නද්ධ ක්‍රියාකාරීත්වයක් දක්වා වර්ධනය වී ඇති බව දැන්වත් මුස්ලිම් ජන නායකයන් පිළිගත යුතුව ඇති බවත් එසේ තිබියදී මුස්ලිම් කටයුතු අමාත්‍ය හලීම්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් හා මාධ්‍යවේදී අමීන් එම තත්වය පිළි නොගනිමින් ‘කඩු ගැන කියන කතා’ ඇසෙන විට වැටහෙන්නේ ඔවුන් සිංහල – දෙමළ බෙෘද්ධ හා කිතුණු ජනකොටස් හරක් රැළක් සේ සලකා කටයුතු ආකාරය යැයි ද ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එසේම මුස්ලිම් ජන සමාජය සන්නද්ධ කිරීම සඳහා ගෙන ආ ආනයනික කඩු, කිනිසි, මන්නා, කෙටේරි ආදී ආයුධ මුස්ලිම් පල්ලි හා වහාබ් ත්‍රස්තවාදීන්ගේ කඳවුරු තුළින් හමු වෙද්දී හලීම් ඇමතිවරයා, කඩු ගෙනාවේ තණකොළ කැපීමට බවත් එජාප මන්ත්‍රී මරික්කාර්, කඩු ගෙනාවේ උක්ගස් කැපීමට බවත් අමීන් මාධ්‍යවේදීයා කඩු ගෙනාවේ ගෑණු දරුවන් ආරක්‍ෂා කිරීමට බවත් පවසද්දී පෙනී යන්නේ ඔවුන් මෙම මනුෂ්‍ය සංහතියටම අගතිගාමී වහාබ් අන්තවාදය ආරක්ෂා කරන ආකාරය යැයි ද එම පෙරමුණ වැඩිදුරටත් පවසයි.
අද (12) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මෙසේ පැවසීය.
කඩු, කිනිසි, බෝම්බ සාදන උපකරණ, ත්‍රස්ත කඳවුරු, මරාගෙන මැරෙන බෝම්බ ආදී සියල්ල මේ වන විට මුස්ලිම් ජන සමාජය තුළින් හමු වී ඇති නිසා දැන්වත් තම ජන සමාජය තුළ වහාබ්වාදී අන්තවාදය මතවාදයක් ලෙස පමණක් නොව සන්නද්ධ ක්‍රියාකාරීත්වයක් ලෙස ද වර්ධනය වී ඇති බව මුස්ලිම් ජන නායකයන් නොපිළිගතහොත් යළි ගොඩගත නොහැකි ලෙස මුළු රටම ලේ විලක් වනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජන සමාජ අතුරින් ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදයක් වන වහාබ්වාදය අදහන තැනට පත්ව ඇති මුස්ලිම් ජන සමාජ තුළ ත්‍රස්තවාදය හිස ඔසවා ඇති බවත් එම වහාබ් අන්තවාදය මනුෂ්‍ය සංහතියට අගතිගාමී, විසකුරු, මරාගෙන මැරෙන ත්‍රස්තයන් බිහි කරන අන්තවාදයක් යැයි පිළිගැනීම එය පැරදවීමේ පළමු පියවර බවත් මුස්ලිම් ජන නායකයන්ට යළිත් අවධාරණය කරන බව ද ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.
බුද්ධි අංශ අඩපණ කොට මේ වහාබ්වාදී අන්තවාදයට රිසි සේ වැඩීමට ඉඩ දුන් සිරිසේන – වික්‍රමසිංහ පාලනය පමණක් නොව, එවැනි පාලනයකට පාර කැපූ ජාතික හෙළ උරුමයේ චම්පික රණවකලා සහ ජවිපෙ අනුර දිසානායකලා ද මෙම තත්වයට වගකිව යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම දැන් ලංකාවේ කඩු ළඟ තබා ගැනීම වරදක් නොවී එසේ ළඟ තබාගත් කඩු මාධ්‍ය මගින් පෙන්වීම වරදක් වී ඇති බවත් එමගින් ආණ්ඩුව දැනටමත් මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවලට අත තබා ඇති බවත් ළඟදීම සමාජ මාධ්‍යවලට ද අත තබනු ඇති බවත් ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය.
එමගින් සිදු වනුයේ කටකතා පැතිර යාම සහ ජන සමාජය තුළ අවිශ්වාසය පැතිර යාම බවත් මේ ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලිය හැක්කේ ඒවායේ සැබෑ තතු මුළුමහත් ජාතිය හමුවේ තබා ඒවා මැඩලීමට ජනතා සහයෝගය ලබා ගැනීමෙන් පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට කොළඹ මහා නගර සභා මන්ත්‍රී සමන්ත නෙළුම්දෙණිය, කඩුවෙල මහා නගර සභා මන්ත්‍රී ධනවංශ යන මහත්වරු ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/05/12
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *