නල්ලූර් කෝවිලේ බෝධි පූජා තියන්න බෞද්ධයන්ට ඉඩ දෙනවද? – මන්ත්‍රී ජයන්තගේ ප්‍රශ්නය විෂය භාර ඇමැති මඟ හරියි
නල්ලූර් කෝවිල තුළ බෝධි පූජාවන් පැවැත්වීම සඳහා බෞද්ධ ජනතාවට ඉඩ ලබාදෙන්නේදැයි ජාතික නිදහස් පෙරමුණේ පා.ම. ජයන්ත සමරවීර මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාතය විදුර වික්‍රමනායක මහතාගෙන් විමසා සිටියා.
ඒ අද (22) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.
ඓතිහාසික කුරුන්දි බෞද්ධ විහාරස්ථානය තුළ පොංගල් උත්සවසයක් පැවැත්වීම සඳහා අවස්ථාව උදාකර දී ඇත්තේ අනිකවරෙකුවත් නොව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින්ම බවටයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් හෙළිකර සිටියේ.
මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අදාළ නිලධාරින්ට එරෙහිව ගනු ලබන පියවර කවරේද යන්නයි.