“නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබද තවත් සංවාදශීලී සම්මන්ත්‍රණයක් හොරණ දී

ජාතික නිදහස් පෙරමුණේ’ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබද සංවාදශීලී සම්මන්ත්‍රණයක් අද (11) සවස හොරණ සීලරතන මාaවතේ පිහිටි “සාරාස් 88” හෝටලයේදී පැවැත්විණි.

මෙම සංවාදශීලී සම්මන්ත්‍රණය ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ යන මහත්වරුන්ගේ දේශන දෙකකින් සමන්විත විය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *