“නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබද සංවාදශීලී සම්මන්ත්‍රණ මාලාව බදුල්ලෙන් ඇරඹේ!

ජාතික නිදහස් පෙරමුණේ’ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබද සංවාදශීලී සම්මන්ත්‍රණයක් අද (20) සවස ඌව පරණගම හිඹිලියගහ මඩිත්ත සඳලි උත්සව ශාලාවේදී පැවැත්විණි.

මෙම සංවාදශීලී සම්මන්ත්‍රණය කෘතියේ කතුවර විමල් වීරවංශ සහ ප්‍රවීණ ලේඛක ඉසුරු ප්‍රසංග යන මහත්වරුන්ගේ දේශන දෙකකින් සමන්විත විය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක, ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්, ඌවපරණගම ආසන සංවිධායක සමන්ත වර්ණසූරිය ඇතුළු බදුල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරු, වෘත්තීයවේදීහු, ගොවි සංවිධාන නියෝජිතවරු හා ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමින්ද සුදර්ශන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2023-05-20

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *