” නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය අධිකාරියට ඇති පූර්ණ හිමිකාරීත්වය අහිමි වන ආකාරයේ කවර පියවරකට හෝ ආණ්ඩුව ගමන් කරනවා නම් අපි එයට විරුද්ධයි” – ආණ්ඩුවේ පක්ෂ 10ක ඒකමතික ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් ජානිපෙ නායක, ඇමති විමල් කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්රී ලංකා වරාය අධිකාරියට ඇති පූර්ණ හිමිකාරීත්වය අහිමි වන ආකාරයේ කවර හෝ පියවරකට ආණ්ඩුව ගමන් කරනවා නම් එයට විරුද්ධ විය යුතුය, යන ඒකමතික ස්ථාවරයට ආණ්ඩුව අභ්යන්තරයේ සිටින තම පක්ෂය ඇතුළු පක්ෂ 10ක නායකත්වය පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා ප්රකාශ කරයි.
ඊයේ (30) කොළඹ පිහිටි තම නිල නිවසේදී ආණ්ඩුව අභ්යන්තරයේ සිටින දේශපාලන පක්ෂ 10ක නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවති තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව මාධ්ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේද සඳහන් කළේය.
” කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීම වෙනුවෙන් වරාය වෘත්තීය සමිති, ජාතික සංවිධාන එක්ව ගෙන යන සටන පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩුව අභ්යන්තරයේ සිටින පක්ෂ 10ක් අද (30) මෙම ස්ථානයට පැමිණියා. එම පක්ෂ නියෝජනය කරන කැබිනට් අමාත්යවරුන්, රාජ්ය අමාත්යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු පක්ෂ නායකයන් ඒ අතර සිටිනවා. එම පක්ෂ 10ට අමතරව අපි තවත් පක්ෂ 04කට ඇරයුම් කළා. ඉන් තුනක් ‘ප්රායෝගික හේතූන් මත එන්න බැහැ’ කියා දැනුම් දුන්නා.
අපි මෙහිදී මූලිකවම, ‘නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය අධිකාරියට ඇති පූර්ණ හිමිකාරීත්වය අහිමි වන ආකාරයේ යම් පියවරකට ආණ්ඩුව ගමන් කරනවා නම් එයට විරුද්ධ විය යුතුයි’ කියන ස්ථාවරයට ආවා. ඒ අනුව ආණ්ඩුව අභ්යන්තරයේ සිටින දේශපාලන පක්ෂ 10ක් ඒකමතිකව ‘කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් වරාය අධිකාරිය සතුව තිබිය යුතුයි’ යන ස්ථාවරයේ තමයි ඉන්නේ. ‘නැගෙනහිර පර්යන්තයේ කිසිම කොටසක් කවර හෝ පාර්ශ්වයකට ලබා නොදිය යුතුයි, එය වරාය අධිකාරියට පමණක් සතු විය යුතුයි’ යන ස්ථාවරයේ සිට අපේ පක්ෂ 10 ක්රියා කරනවා. ඉදිරියේදිත් අපේ පක්ෂ 10 ආණ්ඩුවේ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව වෙනුවෙනුත් රටේ සුබ සිද්ධිය වෙනුවෙනුත් එකට එකතු වී කටයුතු කිරීමටත් මේ අවස්ථාවේදී එකඟතාවකට ආවා”
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී පූජ්ය අතුරලියේ රතන හිමි, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල, නව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, රාජ්ය අමාත්ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂය ප්රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, රාජ්ය අමාත්ය ජයන්ත සමරවීර, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී වීරසුමන වීරසිංහ, ශ්රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්රී ගෙවිදු කුමාරතුංග යන පිරිස මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2021-01-31
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *