නිදහස් ජනතා සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂකයෝ ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් රොද බඳිති!

2023 පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින ‘නිදහස් ජනතා සන්ධානයේ’ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ හමුවක් හලාවත “ලේඩිරෝස් ” උත්සව ශාලාවේදී අද(12) පැවැත්විණි.

මෙහිදී ජයග්‍රහණය වෙනුවෙන් අපේක්ෂක පිරිස දැනුම්වත් කිරීම, උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, නිදහස ජනතා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, නිදහස් ජනතා සන්ධානයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, නිදහස් ජනතා සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න ඇතුළු නායකයෝ පිරිස සිදු කළහ.

මාධ්‍ය අංශය,
නිදහස් ජනතා සන්ධානය,
2023-02-12

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *