පිරමීඩ ජාවාරම්කාරයෝ කෝටි ගණන් අරගෙන රට පනිනකම් මහ බැංකුව මර නින්දේ… මුසම්මිල් මහ බැංකුවට රිදෙන්නම දෙයි

පිරමීඩ ජාවාරම්කරුවන් කෝටි ගණන් උපයාගෙන රටින් පැන යන තෙක් මහ බැංකුව මර නින්දේ පසුවන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පා.ම. මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.

ඒ අද (15) දින පිටකෝට්ටේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එකි වෙමිනි.

මූල්‍ය බුද්ධි අංශයක් පවතිද්දී මෙන්ම මහ බැංකුව බැංකු සහ මූල්‍ය ශේෂ්ත්‍රය පිළිබදව විශේෂ අධ්‍යයනයක සිටියදීත් මෙම පිරමීඩ ජාවාරම් පිළිබදව මහ බැංකුවට වේලාසන හදුනාගැනීමට නොහැකි මන්දැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ ද සඳහන් කළේය.

“අද සමාජ මාධ්ය ජාල යොදා ගනිමින් ‘ක්රිප්ටො කරන්සි – ක්රිප්ටෝ ට්රේඩින්’ ලෙස පෙන්වමින් ශ්රී ලංකාව තුළ ඉතා ශීඝ්රයෙන් පිරමීඩ ජාවාරම් පැතිර යමින් තිබෙනවා. මෙම පිරමීඩ ජාවාරම්කරුවන් කෝටි 100-200 උපයාගෙන රටින් පැන ගියාට පසුවයි ශ්රී ලංකා මහ බැංකුව නිවේදන නිකුත් කරන්නේ, ‘මෙය පිරමීඩ ජාවාරමකි. ඊට හවුල් නොවන්න’ කියා. අපේ රටේ මූල්ය බුද්ධි අංශයක් තිබෙනවා ඒ වගේම රටේ බැංකු පද්ධතිය සහ මූල්ය පද්ධතිය පිළිබඳව මහ බැංකුව නිරන්තරයෙන් සමීප අධ්යයනයක පසුවෙනවා. එසේ තිබියදී මේ පිරමීඩ ජාවාරම් ජයටම සිදු වෙන්නේ කෙසේද? මහ බැංකු නිලධාරීන් මේවාට සම්බන්ධද? මේ ජාවාරම් කල්තියා හඳුනාගැනීමට බැරි වන්නේ තාක්ෂණ ගැටළු නිසාද? මේවා වැළැක්වීමට නීතිමය බාධක තිබෙනවාද? මේ සියල්ල පිළිබඳව මහ බැංකුව රට හමුවේ ප්රසිද්ධ ප්රකාශයක් සිදු කළ යුතුව තිබෙනවා.

මේ තත්ත්වය මහ බැංකු අධිපතිවරයාට නොතේරෙනවා, කියා හෝ ඔහුට මේ ජාවාරම්වලින් කොමිස් ලැබෙනවා, කියා හෝ අපි හිතන්නේ නැහැ. පොදුවේ ‘පිරමීඩ ජාවාරම්වලට හසු නොවන්න’ කීවාට ජනතාවට ඒවායෙන් ගැලවීමට බැහැ. සමාජ මාධ්ය, නූතන උපක්රම භාවිතා කරමින් සිදු කරන මේ ජාවාරම් පිළිබඳව ශ්රී ලංකාවේ මූල්ය පද්ධතිය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන වගකිවයුතු ආයතනයක් හැටියට, ඒවා කල්තියා හඳුනාගෙන මහජනයා දැනුවත් කිරීමට මහ බැංකුව කටයුතු කළ යුතුයි. එහෙම නැතුව ‘අශ්වයා පැන ගියාට පසුව ඉස්තාලය වහනවා’ වගේ කෝටි 100-200 උපයාගෙන පිරමීඩ ජාවාරම්කරුවන් රටින් පැන ගියාට පසුව නිවේදන නිකුත් කරලා වැඩක් නැහැ.

LPL පිරමීඩ අනුග්රහ

අපි දැක්කා LPL ක්රිකට් තරඟාවලියටත් මේ පිරමීඩ ජාවාරම්කාර ආයතන අනුග්රහය දක්වා තිබෙනවා. මේ විදියට LPL ක්රිකට් තරගාවලියට පිරමීඩ ජාවාරම්කරුවන් අනුග්රහය දක්වන තෙක් මහ බැංකුව නිදාගෙනද හිටියේ? මහ බැංකුව, ශ්රී ලංකා ක්රිකට් ආයතනයට මේ පිළිබඳව දැනුම් දුන්නේ නැද්ද? මහ බැංකුව සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනය අතර අන්තර් සබඳතාවක් නැද්ද? මේ පිළිබඳවත් මහ බැංකුව වගකිවයුතු ප්රකාශයක් කරයි, කියා අපි බලාපොරොත්තු වෙනවා.

“වහාම ගොවි ජනතාවට වන්දි ලබා දිය යුතුයි!”

IMF මඟපෙන්වීම යටතේ ඉදිරියට යන මේ ආණ්ඩුවේ, අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් ජනතාව මත පතිතව ඇති පීඩනය දෙගුණ තෙගුණ වෙමින් පවතිනවා. නිදසුනක් ලෙස දැන් බලන්න, සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමේ තීරණය ගන්න ආණ්ඩුව දින 15ක් ගත්තා. මේ නිසා අස්වනු නෙළීමට නියමිතව තිබූ වගා බිම් රැසක් විනාශයට පත් වුණා. නියඟයෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට ආණ්ඩුවේ සහ නිලධාරිතන්ත්රයේ අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් අමතර පීඩනයකට ලක් වීමට සිදු වුණා. ‘නියඟයක් එනවා’ කියලා කාලගුණ දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා නම්, බෙල්ල මුලටම හිර නොවී මේ ජලය බෙදාහැරීමේ ප්රශ්නය විසඳීමට බැරි ඇයි? ආණ්ඩුවේ සහ නිලධාරිතන්ත්රයේ අඩුපාඩු නිසා පීඩනයට පත් ගොවි ජනතාවට වහාම වන්දි ගෙවීමක් කළ යුතුයි. වන්දි නොදී අත පිහ ගන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නෙ නැහැ.

13 ‘අත්බෝම්බයක්’

සියලු ප්රශ්න යට ගහන්න ජනාධිපතිවරයා දැන් 13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම ගැන කතා කරනවා. 13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ‘අත්බෝම්බයක්’ වගෙයි. 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරනවා කියන්නේ ඒ අත්බෝම්බයේ ‘පින් එක’ ගලවනවා වගේ වැඩක්. එතකොට බෝම්බය පිපිරෙනවා. ඒක තමයි හිටපු ජනාධිපතිවරුන් කිසි කෙනෙක් 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා, පළාත් සභාවලට පූර්ණ බලතල දෙන්න නොගියේ.

ගොළු න්යාය එපා!

දැන් රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා, ’13 පූර්ණ වශයෙන් බලාත්මක කරනවා’ කියලයි කියන්නේ. පසුගිය සතියේ දිනෙක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මේ පිළිබඳව විශේෂ ප්රකාශයක් සිදු කළා. මේ පිළිබඳව පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරු ජනාධිපතිවරයාගෙන් ප්රශ්න කළා, ඇතමුන් තම අදහස් දැක්වූවා. නමුත් අපි දැක්කා සමහර දේශප්රේමි – ජාතිකවාදී සළු පොරවා ගත් පිරිස් ජනාධිපතිවරයාගේ කතාව මැද්දෙ හෙමිහිට මාරු වෙලා යනවා. මේ වෙලාවේ කිසිවකුත් ගොළු න්යායෙන් උත්තර දිය යුතු නැහැ. ’13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා රට බෙදනවාට පක්ෂද? විරුද්ධද?’ කියලා කෙලින් රට ඉදිරියේ කිව යුතුයි.

අනුර දිසානායකගේ ඉන්දියාව ගැන “හොඳ හැඟීම”

අපි දැක්කා මේ ළඟදි අනුර දිසානායක මහත්තයා කියනවා, ‘අපි ඉන්දියාව පිළිබඳ මේ වන විට බොහොම හොඳ හැඟීමක ඉන්නවා’ කියලා. එදා 1987දී ඉන්දු ලංකා ගිවිසුම බලහත්කාරයෙන් අස්සන් කරන කොටත් ඉන්දියාව ගැන ඔය ‘හොඳ හැඟීම’ තිබුණා නම් හැටදාහක ජීවිත ප්රමාණයක් බේරාගන්න තිබුණානේ. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සටන් කරලා මේ රටේ හොඳම වෛද්යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන්, විශ්වවිද්යාල සිසුන් ජීවිත පූජා කළා. ඉන්දියාව ගැන ‘බොහොම හොඳ හැඟීමක්’ තිබුණා නම් දේශප්රේමීන්ගේ හා හමුදා පිරිස්වල ජීවිත රැක ගන්න තිබුණානේ. මේ වක්රාකාරයෙන් අනුර දිසානායක කියන්නේ කුමක්ද? ’13 පූර්ණ වශයෙන් බලාත්මක කරන්න’ කියලා අපට බලපෑම් කරන්නේ ඉන්දියාවයි. දැන් අනුර දිසානායක ඉන්දියාවට ආලය පෑමෙන් පෙනෙන්නේ තමුන් 13 පූර්ණ ලෙස බලාත්මක කිරීමට එකඟයි, කියන එක නොවෙයිද? අපි අනුර දිසානායක මහත්තයාට කියනවා, ‘ඔය වහෙන් ඔරෝ භාෂාවෙන් දේශපාලනය කරන එක තවදුරටත් වලංගු නැහැ. කෙලින් තමන්ගේ ස්ථාවරය රටට ප්රකාශ කරන්න’ කියා.

“Channel EYE” විකුණන් කන්නේ කාගේ වුවමනාවටද?

කැබිනට් මණ්ඩල අනුමැතිය පවා නොමැතිව ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු Channel EYE නාලිකාව විකුණා දැමීමේ සූදානමක් ගැන අපට වාර්තා වී තිබෙනවා. මේ සියලු රාජ්ය දේපළ ජනතාව සතුයි. ජනතාව කොහොමත් මේවා විකිණීමට අනුමැතිය ලබාදී නැහැ අවම තරමින් කැබිනට් මණ්ඩලයේ පවා අනුමැතියක් නොමැතිව Channel EYE නාලිකාව විකුණන් කෑමට සැරසෙන්නේ විෂය භාර අමාත්යවරයාද? සභාපතිවරයාද? අපි ආණ්ඩුවට කියනවා, ‘ජනතාවට ඇත්ත කියන්න. ඔවුන්ට ඒ පිළිබඳව දැන ගැනීමේ අයිතියක් තිබෙනවා’ කියා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *