පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට සහ ඉදිරි ව්යාපෘති පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත, වැවිලි, පොල් ඇමතිවරු එක්වෙයි..
![](https://jnpsrilanka.lk/wp-content/uploads/2021/01/131229991_3394663287318134_1472723793319632005_o-570x380-1-290x150.jpg)
පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමත් ඉදිරි ව්යාපෘති පිළිබද සාකච්ජා කිරීමත් අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් වැවිලි අමාත්ය රමේෂ් පතිරණ, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු යන ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් අද (11) කර්මාන්ත අමාත්යංශයේදී පැවැත්විය.
පොල් ආශ්රිත නිෂ්පාදන සිදුකරන මධ්යම ප්රමාණයේ නිෂ්පාදකයින් මේ වනවිට දේශීය පොල් හිගකම නිසා පත්ව ඇති ගැටලුකාරී තත්වය, කොප්පර ආනයනයේ පවතින ගැටළු සහ ඔවුන්ගේ කර්මාන්තයට ඇති ප්රශ්න මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක් කෙරුණි. පොල්තෙල් නිෂ්පාදකයින් මුහුණදී ඇති ගැටළු වලට පිළියම් ලෙස සීත කළ පොල් මද ආනයනයට ඉඩ දීමට වැවිලි අමාත්යවරයා සිය එකගතාවය පළකළ අතර වියළි පොල් මද ගෙන ඒම ඉදිරියේදී අවශ්යතාවය අනුව සොයා බලා සිදුකිරීමට සුදානම් බවද අදහස් පලවිය.
දේශීය පොල් මිල පාලනය, පොල් තෙල් සදහා ෆාම් ඔයිල් මිශ්ර කිරීම තහනම් කිරීම, දේශීය පොල්තෙල් නිෂ්පාදනය වැඩිදියුණු කිරීම, අපනයනකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීම ඇතුළු කරුණු රැසකට මෙම සාකච්ජාවේදී අවධානය යොමු කෙරිණි. ඉදිරියේදී මෙම සියලු ක්ෂේත්ර නියෝජනය වන ලෙස කමිටුවක් පත්කර එහි වාර්තාව හැකි ඉක්මනින් ලබාදෙන ලෙස කර්මාන්ත ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට වැවිලි අමාත්යංශයේ ලේකම් රවීන්ද්ර හේවාවිතාරණ , පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්ය අමාත්යශයේ ලේකම් තිස්ස හේවාවිතාරණ මහතා , BCC ආයතනයේ සභාපති චමින්ද වෙලේගම, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, පොල් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂකතුමිය, පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහ පොල් ආශ්රිත කර්මාන්තකරුවෝ සහ අපනයනකරුවෝ රැසක් එක්ව සිටිය හ.
![Share on Facebook Facebook](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/facebook.png)
![Share on Twitter twitter](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/twitter.png)
![Share on Reddit reddit](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/reddit.png)
![Pin it with Pinterest pinterest](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/pinterest.png)
![Share on Linkedin linkedin](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/linkedin.png)
![Share by email mail](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/mail.png)