“බඩු සපයන්න; මිල ප්‍රශ්නයක් නෙමෙයි” – ව්‍යාපාරික ගිජුලිහිණියන්ට ආණ්ඩුවෙන් උපදෙස් (Video)
ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කර ඇති බව උත්තර ලංකා සභාගයේ උප සභාපති / ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ අද (11) දින පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ආණ්ඩුව වෙළෙද ප්‍රජාවට බඩු සපයන ලෙසත්, මිළ ප්‍රශ්නයක් නැති බවත් ප්‍රසිද්ධියේම පැවසීමෙන් මැද මිනිසාගේ ගසාකෑම උග්‍ර ලෙස වැඩි වී තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා උත්තර ලංකා සභාගයේ ලේඛම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතාද එක්ව සිටියේය.