“මූල්‍ය සමාගම් තැන්පත්කරුවන්ට “පොලු” තියා පැන යෑම නතර කරන්න” – මුසම්මිල් මුදල් ඇමැතිගෙන් ඉල්ලයි

මහ බැංකුවෙන් අනුමත “සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන් ෆිනෑන්ස්” වැනි මූල්‍ය සමාගම් තැන්පත්කරුවන්ව මඟ හරිමින් සහ ඔවුන්ට “පොලු” තියමින් කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
ඒ අද (13) දින පාර්ලිමේන්තුවේදී මුදල් ඇමැතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.
මන්ත්‍රීවරයා, මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙය වහා නතර කිරීමට කටයුතු කරන ලෙසයි.
මෙවැනි අනීතික කටයුතු විසින් අපහසුවට පත් තැන්පත් කරුවන් වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග කුමක්දැයි කියා පැහැදිලි කරන ලෙසත් මන්ත්‍රීවරයා මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





