‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත පළමු ගෑස් උදුන ළඟදීම දේශීය වෙළඳපොළට….

‘මේඩ් ඉන් ශ්රී ලංකා’ සන්නාමය සහිත පළමු ගෑස් උදුන කඩිනමින් දේශීය වෙළඳපොළට හඳුන්වාදීමට අතුරුගිරිය, ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම සූදානම්ව සිටියි.

අද (19) දිනයේ ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් විතානච්චි සහ එහි නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න යන මහත්වරුන් සිය නව නිෂ්පාදන සාම්පල රැගෙන 73/1, ගාලු පාර, කොළඹ 03 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා හමුවීමෙන් අනතුරුව අමාත්යවරයා පවසා සිටියේ මෙම නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු කර, කඩිනමින් ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව ය.

අමාත්යවරයා හමුවීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂමන් විතානච්චි මහතා,

“කර්මාන්තකරුවාට නිරන්තයෙන් අතදෙන අමාත්යවරයෙකු ලෙස විමල් වීරවංශ මැතිතුමා අප හඳුනාගෙන සිටිනවා. ඒ නිසයි අපගේ නව නිෂ්පාදනයේ සාම්පලය ද සමගින් අද එතුමන් හමුවූයේ. මේ පිළිබඳව ඉතා විමසිල්ලෙන් සොයා බැලූ ඇමතිතුමා අපගේ නිෂ්පාදනය ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්ය මැදිහත්වීම සිදු කරනු ලැබුවා.

අප මුලින්ම සිදු කළේ ගෑස් උඳුන් මෙරටට ගෙන්වා අලෙවි කිරීමයි. පසුව උපාංග පිටරටින් ගෙන්වා එකලස් කර වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තා. ආනයනික සීමා පැනවීමත් සමගම උපාංග ලබා ගැනීමේ දුෂ්කරතා පැන නැගුණා. අප එම තත්වය හමුවේ ගෑස් උදුන් උපාංග අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට අවශ්ය යන්ත්ර සූත්ර පළමුව නිපදවනු ලැබුවා. පසුව ඒවා යොදාගෙන අවශ්ය උපාංග නිපදවීමට පියවර ගත්තා. අද වන විට ගෑස් උදුනේ බර්නරය ද අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට කටයුතු කරමින් සිටිනවා. දැනට පිටතින් ලබා ගැනීමට සිදුව ඇත්තේ ‘ලයිටරය’ පමණයි.

මේ සියලු උපාංග නිෂ්පාදනය, අපගේ නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න මහතාගේ මග පෙන්වීම මතයි සිදුවූයේ. හෙට දිනයේ දී ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ සන්නාමය යටතේ මේ රටේ පාරිභෝගික ජනතාවට ආනයනික ගෑස් උඳුන් හා සම තත්වයේ ගුණාත්මක බවින් යුත් ගෑස් උදුන් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙන් පැවසීය.

 

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *