මේ රටට අයිති ඩොලර් බිලියන 35ක් වෙන රටවල ‘පාක්’ කරලා තිබෙන්නේ – උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය, විමල් වීරවංශ

ශ්‍රී ලංකාවට අයත් ඩොලර් බිලියන 35ක් වෙනත් රටවල ‘පාක්’ කර අති බව උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ පසුගිය 19 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‘කරව්! නැත්නම් පලයව්!!’ යන තේමාව යටතේ පැවති මහජන සමුළුවේදීය.

ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ,

“මේ රටට අයිති, මේ රටේ නිෂ්පාදන විදේශ වෙළඳපළ තුළ අලෙවි කරලා උපයපු ඒ මුදල් මේ රටට ඇවිත් නැහැ. ඒවා රට තුළට ගෙනඒමට පියවර නොගෙන මේ පාලකයන් කළු සල්ලි වෙළඳපොළට වැඩෙන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. අද ශ්‍රී ලංකාව කළු සල්ලි සුදු සල්ලි බවට පත් කරන ප්‍රධානතම ‘හබ් එක’ බවට පත් වී තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් හොයන සල්ලි සුදු කරන ප්‍රධානතම තිප්පොළ බවට අද අපේ රට පත්ව තිබෙනවා. ඒ කළු සල්ලි මාෆියාවට වැට බඳින්නේ නැහැ. ඉතින් කොහොමද මේ අර්බුදයෙන් එළියට එන්නේ?

රවි කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස 2017දී ගෙන ආ විදේශ විනිමය පනත මගින්, එතෙක් පැවති මෙරට නිෂ්පාදකයකු අපනයනයෙන් උපයන මුදල් මාස තුනක් ඇතුළත රට තුළට ගෙන ඒම, එසේ නොකළොත් එය අපරාධ වරදක් ලෙස සැලකීම යන නීතිය අහෝසි වුණා. අපි කියන්නේ ඒ පැවැති තත්ත්වය යළි ඇති කරන්න කියලයි. පැවති නීතිය ගෙනාවොත් මහා පරිමාණ ජාවාරම්කරුවන්ටයි ප්‍රශ්නයක් වෙන්නේ. එයාලාට අත තියන්නෙ නැහැ.” යනුවෙනි.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *