රටටම ආදර්ශයක්! කඩුවෙල කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

කඩුවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව අද (02) මාලඹේ පිහිටි එම ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් රැස්විය.

මෙහිදී ඇඳිරි නීති තත්වය තුළ ජනතාවට අත්යවශ්ය ආහාර ද්රව්ය බෙදාහැරීම, ස්වයං නිරෝධායනයෙහි නිරත පවුල්වලට සහන සැලසීම ආදී රජය ගෙන ඇති ක්රියාමාර්ගවල ප්රගතිය විමසා බැලීම සිදු කෙරිණි.
නිරෝධායනයෙහි යෙදී සිටින පවුල්වලට රුපියල් දසදහසක් වටිනා අත්යවශ්ය ආහාර ද්රව්ය අඩංගු සහන මල්ලක් ප්රදානය ද එම සාකච්ඡාවෙන් අනතුරුව කඩුවෙල ආසනය පුරා අද සිදු කෙරිණි. තලාහේන ග්රාම සේවා වසමෙහි නිරෝධායනයෙහි යෙදී සිටින පවුල් වෙත සහන මලු ප්රදානයට ද විමල් වීරවංශ මහතා එක් විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරු වන මේජර් ප්රදීප් උදුගොඩ, ජගත් කුමාර, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද එක් වූහ.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *